Print this Article


අධිෂ්ඨාන පූජාව

අධිෂ්ඨාන පූජාව

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේදි මේ මස 08 වප් පුර පෝදා සවස 6 ට විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට හම්බන්තොට සිංහ ශක්ති පදනම කටයුතු යොදා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය සහ ජන්ම දිනය සමරා එතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ මස 08 දා සවස නෙළුම් මල් දහසක් පූජාකොට පහන් දහසක් දල්වා මෙම අධිෂ්ඨාන පූජාව පැවැත්වේ. රාත්‍රී 8.00 ට සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වේ. හම්බන්තොට නිල් බළකාය සංවිධානයද මීට අනුග්‍රහය දක්වති. ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ද එම පින්කමට සහභාගි වීමට නියමිතය.