Print this Article


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්ෂීරපායාස බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්ෂීරපායාස බුද්ධ පූජාව

සෑම වසරක් පාසාම ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස, අනුරාධපුර බෞද්ධ මණ්ඩලය විසින් පවත්වාගෙන එනු ලබන උත්තරීතර ක්ෂීරපායාසමය බුද්ධ පූජාව, මෙවරද මේ මස 09 වෙනි දින අලුයම ශ්‍රී මහා බෝ සමිඳුන් ඉදිරියේදී පැවැත්වේ.

ඊට පෙර දින දවස බෞද්ධ මණ්ඩලය පරිශ්‍රය වෙත රැගෙන එන කිරි එළදෙනුන් අට දෙනෙකු සුවඳ පැනින් නහවා, ඔලිඳ, විලඳ වැල් මී පැණියෙන් අනා කවා පසු දින අලුයම උන්ගෙන් දොවා ගන්නා කිරෙන්ම සහල් සෝදා ඉතිරි කිරි සමඟ නැවුම් බඳුනක සහල් යොදා සෙත් පිරිත් දේශනා කොට සක්බෙර වයා, සුවඳ දරින් ගිනි දල්වා ලිප් තබන ලද කෂාය බඳුනෙන් නිකුත් වන ඖෂධීය වාෂ්පයෙන් පමණක් මෙම ක්ෂීරය පායාසය සකස් කර ගනු ලැබේ. පාන්දර මහ පෙළහරින් ගෙන යනු ලබන ක්ෂීරපායාසමය පූජා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පුදා සියලු දෙනා හට පින් අනුමෝදනා කිරීමෙන් මෙම පින්කම අවසාන වෙයි.