Print this Article


“සිංහලයා සහ කළු සුද්දා හඳුනා ගනිමු” ග්‍රන්ථයක් රචනා කිරීමට ආරාධනා - කිරම විමලජෝති හිමි

 “සිංහලයා සහ කළු සුද්දා හඳුනා ගනිමු”

ග්‍රන්ථයක් රචනා කිරීමට ආරාධනා - කිරම විමලජෝති හිමි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 ජන්ම සංවත්සරය සමරන අප එතුමා නිතර කතා කළ සිංහලයා සහ කළු සුද්දා හඳුනා ගැනීම පිළිබඳව, කාලීන වශයෙන් ළමා, තරුණ පරපුර දැනුවත් කිරීම යුතුකමක් හා වගකීමක් ලෙස දකිමු.

එම මාතෘකාව පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ ග්‍රන්ථයක් ලිවීමට කැමැති ගිහි පැවිදි විද්වතුන්ට ඒ සඳහා ආරාධනා කරන අතර එසේ ලිවීමට අදහස් කරන්නේ නම් ඒ බව පළමුව ලිඛිතව දන්වන ලෙසත් ඒ සඳහා ත්‍යාග ප්‍රදානය කරන අතර තෝරා ගත් ග්‍රන්ථ මුද්‍රණය කිරීමට ද බලාපොරොත්තු වන බවද දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති හිමියෝ පවසති. ඊට අදාළ විස්තර ඉහත සඳහන් ලිපිනයට කිරම විමලජෝති හිමියන් වෙත යැවිය හැකිය.