Print this Article


ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 05 වනදා

ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 05 වනදා

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය, මෙම මස 05 දින සිදුකිරීමට ධර්ම විද්‍යාලයාධිපති දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසනා පරිදි නියෝජ්‍ය විදුහල්පති නිමල් ගුණතිලක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය කටයුතු සංවිධානය කොට ඇත. මෙදින පෙරවරු 8.30 ට බම්බලපිටිය වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී ඉංගී‍්‍රසි හා සිංහල මාධ්‍යයන්ගෙන් විෂය හා විෂය බාහිර දක්ෂතා දැක් වූ කණිෂ්ඨ අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ත්‍යාග සහිත සහතික ලබා ගනිති. එදින සවස 2.30 ට විද්‍යෝදය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නාහිමියන් මුලසුන හොබවන උත්සව සභාවේදී ජ්‍යෙෂ්ඨ අංශයේ දක්ෂතා දැක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතික පිරිනමනු ඇත.