Print this Article


ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව පැවැත්වූ ධර්ම පරීක්ෂණයේ ප්‍රතිඵල

ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව පැවැත්වූ ධර්ම පරීක්ෂණයේ ප්‍රතිඵල

කොළඹ 10, මාලිගාකන්ද, විද්‍යෝදය පිරිවෙනෙහි ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව විසින් 2014 මාර්තු මස පවත්වන ලද ධර්ම පරීක්ෂණයේ ප්‍රතිඵල සාරාංශය මෙසේ නිකුත් කර ඇත. විභාගයට අයදුම් කළ සංඛ්‍යාව 557 යි, විභාගයට පෙනී සිටි මුළු සංඛ්‍යාව, 354 යි, සමත් වූ සංඛ්‍යාව විනය – 41, සද්ධර්ම – 25 යි, අභිධර්ම – 96 යි, පාලි - 45 යි, එකතුව 207 යි. මෙම ප්‍රතිඵල අතර අභිධර්ම විශාරද 05 ක් සහ ත්‍රිපිටකාචාර්ය 03 ක් ද වෙති. මෙම විභාගයට පෙනී සිටීමට උනන්දුව දක්වන අය පහත සඳහන් ලිපිනයට විමසන්න. (විභාග ඉල්ලුම් පත් 2014 දෙසැම්බර් 15 දිනට පෙර එවීමට කටයුතු කරන්න. ප්‍රධාන ලේකම්, - ප්‍රේමතිලක වරාවිට, ධර්ම පරීක්ෂක ලේකම් - කේ.කේ. සුගතපාල විද්‍යෝදය පිරිවෙන පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මාවත, මාලිගාකන්ද, කොළඹ – 10