Print this Article


දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ දළදා පූජෝත්සවය

දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ දළදා පූජෝත්සවය

වාද්දූව, තල්පිටිය, දළදාවත්ත පුරාණ මහා විහාරයේ වාර්ෂිකව පවත්වන දළදා පූජෝත්සවය 81 වන වරටත් මෙම මස 14 වැනි දින රාත්‍රී 9.00 ආරම්භ වන තිස්පැය හතේ පරිත්‍රාණ ධර්ම දේශනයෙන් ආරම්භ කර මේ මස 16 වෙනි දින සූත්‍ර දේශනය පැවැත්වෙන අතර 17 වෙනි දින දහවල් 2.00 ට දේවදාන මහා පෙරහර පවත්වා රාත්‍රී දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වේ. ග්‍රාමනිලධාරී කොට්ඨාස 03 ක් ආවරණය වන පරිදි මෙම මස 18 වැනි දින වට පෙරහර ගම්වටා සංචාරය කිරීමෙන් පසු රාත්‍රීකාලයේ විහාරස්ථානයට ළඟා වේ. මෙම මස 19 වෙනි දින පරලොව සැපත් සියලුම දායක දායිකාවන්ටත් ගම්වාසී සැමටත් පින් අනුමෝදන් කිරීම සඳහා විශේෂ ධර්ම දේශනයක් පස්වරු 6.30 විහාරස්ථ ධර්ම මන්දිරයේ දී පැවැත්වේ.

20 වන දින ඓතිහාසික ශ්‍රී දළදා මහා පෙරහර රාත්‍රී 7.30 විහාරස්ථානයෙන් පිටත් වීථි සංචාරය කෙරේ. පසුදින අලුයම් කාලයේ විහාරස්ථානයට ගෙවදීම සිදුකිරීමෙන් පසු 81 වන ශ්‍රී දළදා පූජෝත්සවය නිමාවට පත්වන අතර 27 වන දින රාත්‍රී සුපුරුදු පරිදි පෙරහර පැවැත්වීමෙන් පසු පවත්වන දේව දානය පිරිනැමේ.