Print this Article


සේරුවිල ධාතු ප්‍රදර්ශනය

සේරුවිල ධාතු ප්‍රදර්ශනය

සේරුවිල පූජා භූමියේ වාර්ෂිකව පැවැත්වෙන බිනර පින්කම් මාලාව මුල් කොට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ වැඩ සිටින ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේදී ඉදි වූ “උත්තරී සීවලී පබ්බත විහාරය” ලෙස එවකට හැඳින් වූ නීලගිරි මහා සෑ රජුන්ගේ කැණීමෙන් ලැබුණු ධාතුන් වහන්සේලා උපහාර දක්වමින් සේරුවිල පින්බිමට වඩමවා සැප්තැම්බර් මස 5,6,7,8 යන දිනයන්හි උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා ප්‍රදර්ශනය කෙරේ. එම ධාතු ප්‍රදර්ශනය සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව පිණිස කන්තලේ සහ ත්‍රිකුණාමලයේ සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මකය. එසේම එම ධාතුන් වහන්සේලා සේරුවිල දක්වා වඩමවන මාර්ගයේදි විහාරස්ථාන කිහිපයක පුෂ්පෝපහාරයන්ට ලක්කරමින් සහ බුද්ධ පූජාවන් පවත්වමින් කොළඹ සිට සේරුවිල දක්වා රථ පෙරහරින් වැඩමවීමට නියමිතය.