Print this Article


සූරියගම ශ්‍රී සුමංගලාරාමයේ ගිරිභණ්ඩ පූජාවෙන්....

සූරියගම ශ්‍රී සුමංගලාරාමයේ ගිරිභණ්ඩ පූජාවෙන්....

කැකිරාවේ මහවැලි සූරියගම ශ්‍රී සුමංගලාරාමයේදී ප්‍රත්‍ය ලාභයෙන් අඩු විහාරස්ථාන 10 ක් සඳහා ගිරිභණ්ඩ පූජාවක් ඉකුත් 17 වනදා පැවැත්විණි.

ඊට මූලිකව කටයුතු කරනු ලැබුයේ ජයවර්ධනපුර රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ රවීන්ද්‍ර සතරසිංහ මහතා ඇතුළු පවුලේ පිරිසයි.

අමතරව අලව්ව නුගවෙල පුරාණ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාද හබරකඩ ඉන්ද්‍රරතන හිමියන්ද භාණ්ඩ ප්‍රදානය සඳහා මූල්‍ය ආධාර සපයන ලදී. අනුශාසකත්වය හොරණ පෝරුවදන්ඩ සත්ජන සමාජ සංවර්ධන පදනමේ උත්තරීතර මණ්ඩලයේ ලේඛකාධිකාරි කුකුළුපනේ සුදස්සි හිමියන් විසින් සිදු කරන ලදී.

මෙහෙයවීම කැකිරාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කොස්සින්නේ රතනජෝති හිමියන් විසින් කරන ලදී. එම අවස්ථාව සඳහා විශේෂ අමුත්තන් ලෙස කැකිරාව ප්‍රාදේශීය ලේකම් අතුල සෙනරත් බණ්ඩාර මහතා ද, කැකිරාව පොලිස් ස්ථානාධිපති ජානක පුෂ්පකුමාර මහතා ද සහභාගි විය.