Print this Article


අපවත් වී වදාළ අලුත්වැව සෝරත නා හිමි ගුණ සැමරේ

අපවත් වී වදාළ අලුත්වැව සෝරත නා හිමි ගුණ සැමරේ

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාස්ථානයේ විහාරාධිපති වැඩවිසූ අපවත් වී වදාළ ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් සැප්තැම්බර් මස 26 හා 27 යන දිනයන්හි පින්කම් රැසක් පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

සැප්තැම්බර් මස 26 දින සවස කිරිවෙහෙර චෛත්‍ය අබියස මල් පහන් ගිලන්පස පහන් 5000 ක ආලෝක පූජාව පැවැත්වේ. සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පැවැත්වේ.

සැප්තැම්බර් මස 27 දින දවල් මහා සංඝරත්නය 200 වෙනුවෙන් අටපිරිකර විශේෂ පිරිකර සමග දානය පිළිගන්වා අපවත් වී වදාළ ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ට පින් අනුමෝදන් කරවීම සිදුකෙරේ. ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ පළමුවන ගුණ සමරු පින්කම වෙනුවෙන් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ඓතිහාසික තොරතුරු ඇතුලත් ශිලා ලේඛණයක් සිංහල දෙමළ ඉංගී‍්‍රසි බසින් සකස්කර කිරිවෙහෙර මලුවේ ස්ථාපනය කිරීමට කොබවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත. මෙදින විහාස්ථ දාන ශාලාවේ බත් දන්සැලක්ද පැවැත්වේ.