Print this Article


ඇස යා යුතු තැන් : වාලච්චේන ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය

ඇස යා යුතු තැන් 

වාලච්චේන ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය

වාලච්චේන ,පාසිකුඩා පාර, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය වසර 75 කට වඩා පැරණි පුරාණ විහාරස්ථානයකි. 1960 මාර්තු 06 දින අපවත්වී වදාළ දිඹුලාගල ආරන්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් වෙත එවකට වී ජේම්ස් අප්පුහාමි මහතා විසින් මෙම භූමිභාගය ශාසනය වෙනුවෙන් පූජා කර ඇත.

පසුගිය කාලයේදී යුද්ධය හේතුවෙන් එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා වෙනත් විහාරස්ථාන වෙත වැඩම කරන ලදී. යුද්ධය නිමාවෙන් පසුව වත්මන් දිඹුලාගල ආරන්‍යසේනාසනාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මල්දෙණියේ ශී‍්‍ර ජිනාලංකාර හිමියන් විසින් නවානෙ අභයවංසාලංකාර හිමියන් වෙත එම ජයන්ති විහාරයේ භාරකාරත්වය පවරන ලදැයි කියති. නවානේ අභයවංසාලංකාර හිමියන් විසින් නන්දෙසින් පාසිකුඩා වෙරලාන්තය නැරඹීමට එන අයගේ උදව් උපකාරයෙන්ද ත්‍රිවිධ හමුදා සහ පොලිසීයේ ශ්‍රමදායකත්ව උපකාරයෙන්ද විහාරස්ථානය සුළු වශයෙන් ගොඩනගා ඇතැයිද කියයි. චෛත්‍යරාජයාණන් වහන්සේ ඇතුළු විහාරාංග පහසුකම් නොමැති බවද එ හිමියෝ කියති. ආරක්ෂක අංශ වලින් ලැබෙන දානමය සහයෝගයද උන්වහන්සේ ඉතා අගය කරති.

බොදුනුවන්ගේ අවධානය විහාරස්ථානය වෙත යොමුවේවායි උන්වහන්සේගේ පැතුම වේ. වැඩි විස්තර දුරකතන – 0711456011 අමතන්න. ආධාර 112454008247 සම්පත් බැංකු ගිණුමට යොමුකල හැක.