Print this Article


සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මඟින් වාර්ෂිකව පවත්වන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල හැර අනෙකුත් දිස්ත්‍රික්කවල 2014 සැප්තැම්බර් මස 21 වන දින නියමිත පරිදි පැවැත්වේ.

එම නිපුණතා වැඩසටහන ඌව පළාත් සභා මැතිවරණය හේතුවෙන් බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල 2014 සැප්තැම්බර් මස 28 පැවැත්වීමට නියමිත අතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ගරු සභාපති ස්වාමීන් වහන්සේලා ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව ඇති බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් සංවර්ධන සහකාර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.