Print this Article


බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය

බෙල්ලන්විල රාජ මහා විහාරයේ ඇසළ පුණ්‍යෝත්සවය නිමිත්තෙන් පවත්වනු ලබන පින්කම් මාලාවේ මල් පෙරහර මේ මස 24 වැනි දා පැවැත්වේ.

පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමේ ප්‍රථම මල් පෙරහර රාත්‍රියේ විහාරස්ථ භූමියේ සිදු කරනු ලබයි. නෘත්‍ය පූජා ද ශබ්ද පූජා ද පවත්වමින් අලංකාර විවිධ මල් වට්ටි හා මල් බඳුන් තෙරුවන් කෙරෙහි පූජා කිරීම සඳහා පින්වතුන් සම්බුද්ධ ප්‍රතිමාව සහිත විහාරය, සර්වඥ ධාතූන් තැන්පත් කර ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ හා පාරිභෝගික චෛත්‍ය වූ ශ්‍රී බෝධිරාජයන් වහන්සේ යන තුන් බෝ වටා තුන් යලක් පැදකුණු කර මලින් පිදීම මෙම මල් පෙරහර මඟින් සිදු කෙරේ. මල් පෙරහර 24 – 27 දක්වා දිනවලදී පැවැත්වේ.

පාවාඩ පෙරහර 28 වැනි දා -

පසුගිය 24 දින ආරම්භ වී 27 දින අවසන් වන මල් පෙරහරින් පසු ප්‍රථමවරට විහාරස්ථානයෙන් පිටතට ගමන් කරන ප්‍රථම පෙරහර වන පාවාඩ පෙරහර 28 වැනිදා සිදු කරනු ලබයි.

කම්කරු අමාත්‍ය ගාමිණි ලොකුගේ, ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමන්ලා ඇතුළු පෙරහර කොමිටියේ නිලධාරීන්, විහාරස්ථ දායක සභාවේ නිලධාරීන් ඇතුළු විශාල ගිහි ප්‍රභූන් පිරිසක්ද මේ සඳහා සහභාගී වීමට නියමිතය.

රන්සිවිලි පෙරහර 29 වැනිදා

2014 ප්‍රථම වරට වීථි සංචාරය කරන රන් සිවිලි පෙරහර 29 ප්‍රධාන මාර්ගයට ප්‍රවිශ්ට වේ. සර්වඥධාතු කරඬුව හස්තිරාජයා පිට වැඩමවීම මෙදින සිදුකෙරේ. සාම්ප්‍රදායික සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත එම රන්සිවිලි පෙරහරට උඩරට, පහතරට, සබරගමු නැටුම් ශිල්පීන් රාශියකගෙන් මෙන්ම වෙනත් දේශීය නැටුම් මෙන්ම අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් වෙයි.

රන්දෝලි මහ පෙරහර 30 වැනි දා -

64 වන රන්දෝලි මහා පෙරහර මෙම 30 වැනිදා පැවැත්වේ. ජාතියේ ප්‍රෞඪත්වය කියාපාන අපටම අනන්‍යවූ ආවේණික වූ උඩරට, පහතරට, සබරගමු හේවිසි හා නැටුම් ද එක් එක් ප්‍රදේශයන්ට සුවිශේෂ වූ විචිත්‍රාංගයන්ගෙන් ද ශෝභමාන වූ බෙල්ලන්විල රන්දෝලි මහා පෙරහර 64 වන වරටත් 30 වැනි දින ඉතා උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ සඳහන් කරති.

දියකපන පෙරහර 31 වන දා -

රන්දෝලි මහා පෙරහර ගෙවදීමෙන් අනතුරුව පෙරහර පින්කමෙහි චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිදු කරනු ලබන දියකැපීමේ පෙරහර මංගල්‍යය පැවැත්වේ.