Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා සෑම වසරකම පවත්වන වාර්ෂික ඇසළ මහා පෙරහර පූජෝත්සවය මෙවරද උත්කර්ෂවත් අයුරින් පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳව සැල කිරීමේ සංදේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා විසින් පසුගිය 11 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් අවස්ථාව.

සෑම වසරකම පවත්වන මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහර උත්කර්ෂවත් අයුරින් පවත්වා එය සාර්ථකව නිම කිරීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සෙසු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව පිළිබඳව ලියන ලද ‘සිරි දළදා හරසරණිය’ ශාස්තී‍්‍රය ග්‍රන්ථයෙහි පළමු පිටපත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය 10 වැනිදා මහනුවර ජනාධිපති මහන්දිරයේදී පිළිගැන්විණ.මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහායෙන් එම ග්‍රන්ථය සම්පාදනය වුණි. මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන් මහාචාර්ය ජී.බී. මීගස්කුඹුර, මහාචාර්ය එච්.එම්. ඩී. ආර්. හේරත් මහත්වරුන් මෙහි ප්‍රධාන සංස්කාරකවරුන් වෙති. මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමියන් විසින් කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාව.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. මියන්මාර් රාජ්‍යයෙන් පිරිනමන ලද ‘මහා සද්ධම්ම ජෝතික ධජ’ ගෞරව නාමයෙන් පිදුම් ලද ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් වෙත එහිදී උපහාර තිළිණයක් ජනාධිපතිවරයා විසින් පිළිගැන් වූ අවස්ථාව.

කුඩුමිරිසේ බෝධිපූජාවක්
අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරාස්ථානයෙහි ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස අටපිරිකර දහසක් පූජා කිරීමේ බෝධිපූජා පින්කම පසුගිය 20 දා සිදු කෙරිණි. විහාරාධිකාරි පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ සංවිධානයෙන් ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ දායකත්වයෙන් එම මහ පින්කම සිදු කෙරිණි.

දෙහිවල, ගල්වල පාර, පීරිස් පෙදෙසෙහි පදිංචිව සිටින විමල් සෙනෙවිරත්න මහතා විසින් තම මව්පියන් වන ෆුැන්සිස් සෙනෙවිරත්න හා ලිලියන් සෙනෙවිරත්න දෙපළට පින් පිණිස දෙහිවල පිහිටි පින්වත්ත පුරාණ විහාරය අබියස බුද්ධ මන්දිරයක් සාදා පසුගිය දා පූජා කරන ලදී.