Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට හා දකුණු කොරියාවට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා එම රටවල බෞද්ධ දූත පිරිස් වෙත භාරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි. ඇමරිකාවේ මිසොරි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති තවලම බෝධිසීහ හිමියන්ගේ සහ දකුණු කොරියාවේ සොක්වන්සා බෞද්ධ විහාරවාසි දොඹගහවෙල දමිත හිමියන්ගේ අනුශාසනා පරිදි එම කටයුතු සංවිධානය කෙරිණි. ඡායාරූප – චන්දන පෙරේරා

මහනුවරඇසළ පෙරහර මංගල්‍යයේදී පෙරහර කරඬුව හස්තියා මත තැන්පත් කළ අවස්ථාව. අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නා හිමියන් සහ මෙවර තේවාව භාර වේඬරුවේ උපාලි නා හිමියන්ද මෙහි වෙති.