Print this Article


අසදෘෂ මහා දාන පූජාවක්

අසදෘෂ මහා දාන පූජාවක්

යක්කල ඩේවිඩ් පීරිස් මාවතේ පිහිටි සුමග පදනම විසින් නවවන වරටත් අසදෘෂ මහා දාන පූජාවක් මේ මස 9 සහ 10 දෙදින තුළදී දීඝවාපී චෛත්‍ය රාජයාණන් අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දීඝවාපී විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියන්ගේ හා දීඝවාපී විහාරවාසී මහඔය සෝභිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම පින්කම පැවැත්වේ.