UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
බුද්ධ දේශනාවට අනුව උතුම් ගිහිගෙය (සදාර බ්‍රහ්මචරිය) මෙසේ වර්ණිතයහ.

ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො නන්දිතො දේවලොකස්මිං මොදන්තිකාමකාමිනෝ

සීලයෙන් දැහැමි වූ සතුටු සිත් ඇතිව මෙලොවින් චුතව දෙව්ලොව පස්කම් සැප ලැබ අප්‍රමාණවූ සතුටු වූවාහු වෙත්.

බුදුරජාණන් වහන්සේ අතිවිශේෂ පුද්ගල දෙදෙනෙකු අරභයා මෙම කරුණු දේශනා කළහ.මේ දෙදෙනා කවුරුන්ද පැහැදිලි කරන්න.

පිළිතුර
(අ.නි. 4 –117 පිටු) නකුල සමජීවිසූත්‍රනකුල පිතු හා නකුල මාතා දෙදෙනාගේ (අඤ්ඤමඤ්ඤං පසංවදා) උනුනට පි‍්‍රය බව අරබයා දේශනාකොට වදාළහ.

ප්‍රශ්නය
දානය දසපාරමිතා වලින් පළමුවැන්නයි. ලොවුතුරා බුදුබව පතායන ආර්ය මාර්ගයෙහි බෝසත් ගුණයකි. බුදු දහමෙහි දේශනා පාලියෙහි දානයෙහි විවිධාර්ථ කුලුගැන්වෙන පුවත් දැක ගන්නට ලැබෙයි.දෙන්නා හා ලැබන්නා (දායක හා ප්‍රතිග්‍රාගාහක) දෙපාර්ශ්වයටම ප්‍රතිදානයක් ලබන අයුරු සුප්පාවාස කොලිය සිටු දියණියට දේශනාකොට වදාළ දහම් පිළිවෙතින් පැහැදිලි වෙයි.දේශනා පාලිය ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර
(අං.නි. 4 –120 පිට) සුප්පාවාස සූත්‍ර

සුප්පාවාසේ අරිය සාවිකා පටිග්ගාහකානං චත්තාරි ධානානි දෙති. සුප්පාවාසාවෙනි, දන්දීමෙන් ප්‍රතිග්ග්‍රාහකයාට ලැබීම් හතරක් දී දායක හෙවත් දෙන්නාටද එම ලැබීම් ප්‍රතිදානයක් වශයෙන් ලැබෙයි.ආයුෂ දෙයි.ආයුං දෙති. වර්ණය දෙයි. වණ්ණං දෙති සැපය දෙයි.සුඛං දෙති. බලය (ශක්තිය) දෙයි. බලං දෙති. මෙන්ම දීමෙන් දායකයාද ආයු දායක බලදායක සුඛ දායක, වර්ණ දායක යම් තැනක උපත ලබාද ඒ සැම තැනෙක්හිම එබඳුම සැප ලබන්නේය.

ප්‍රශ්නය
මෙම පාඨය බුදු සිරිතේ එක් අවස්ථාවක් මතකයට එයි. ‘වැඩිකල් යන්නට පෙරම ඒ ධර්මය සම්පුර්ණයෙන්ම ප්‍රගුණ කළේය. එහෙත් පසුව එමඟින් තමන් සොයන පරම විමුක්තිය ලබාගත නොහැකි බව තේරුම් ගත්තේය.

මේ පුවතින් කියැවෙන අවස්ථාව කුමක්ද? පැහැදිලි කරන්න.

පිළිතුර
අනුත්තර ශාන්තිය සොයා යන ‘කිං කුසල ගවෙසී. තවුසෙකු ලෙස සංචාරය කරන බෝධි සත්වයන් වහන්සේ ‘ආලර කාලාම නම් “ සුප්‍රකට තාපසතුමා හමුවන්නට ගොස් මෙසේ පැවසූහ. ‘කාලාමයින් වහන්ස ‘ ඔබ හමුවෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි. කාලාම පිළිතුරුදුන්නේ ඔබට මා සමඟ වාසය කළ හැකිය. නුවණැත්තන්ට මේ ධර්මය ප්‍රගුණ කොට වැඩිකල් යන්නට පෙරම සිය ආචාර්යවරයාද මෙන්ම ඥානය ලබා උතුම් අධිගමය ලබා ගත හැකිය.ඉහත සඳහන් පාඨයෙන් සටහන් වන්නේ බෝසතාණන් වහන්සේ සහ ආලර කාලාම තවුසාණන් හමුවූ අවස්ථාවයි.

ප්‍රශ්නය
මෙම පාඨය මතකයෙහි රඳවාගෙන පහත සඳහන් ප්‍රශ්නයට පිළිතුරුදෙන්න. නොබෝ කලකින්ම තම ප්‍රඥාවෙන් එම දහම අවබෝධකරගත් බෝසත්හු ‘ආලාරකාලාම ‘ උසස් ධ්‍යානයක් වශයෙන් සැලකු ‘ආකිඤ්චඤායතනය’ ලබාගත්හ. එහෙත් එය පරම සත්‍යය නොවන බව එතුමන්ට පසක් විය. මෙයින් පසු සිදුවූ දෑ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර
අනතුරුව බෝසතාණන් වහන්සේ සිය ගුරුදේව ආලාරකාලාමයන් හමුවට ගොස් ආයුෂ්මත් කාලාමයෙනි. ඔබ විසින් සිය නුවණින් මනාව දැන සාක්‍ෂාත් කරගෙන වාසය කරන මෙම ධර්මයෙහි උපරිමය.මෙපමණක්ද මමත් දැන් මෙම ධර්මයෙහි එම අධිගමය සාධනය කරගෙන සිටිමියි පැවසූහ.

ඊර්ෂ්‍යා පරවශ නොවු ආචාර්යවරයා සිය විශිෂ්ට ශිෂ්‍යයාගේ ජයග්‍රහණය ගැන සතුටට පත්වූයේය. හෙතෙම ඒ ශිෂ්‍යයාට හැම අතින්ම තමා හා සමාන තැනක් පිරිනමමින් ඔහුට සම්මාන කළේය. ඔහු සතුටු සිතින් මෙසේ කීයේය.

හිතවත සතුටකි. අපට මහත් සතුටකි. ඔබ වැනි සම්භාවනීය සබ්බ්‍රහ්ම චාරියෙකු ලැබීම ගැන අපි පී‍්‍රතිවෙමු. ඒ මගේම නුවණින් පිරිසිඳ දැන පසක් කරගෙන වාසය කරමි. ධර්මය ඔබද ඔබගේම නුවණින් පිරිසිඳ දැන වාසය කරති. ඔබ විසින් ඔබගේම නුවණින් පිරිසිඳ දැන පසක්කරගෙන වාසය කරන ධර්මය මමද මගේම නුවණින් පිරිසිඳ දැන පසක් කරගෙන වාසය කරමි. එහෙයින් මම යම් දහමක් දනිම්ද ඒ දහම ඔබද දනිති. ඔබ යම් දහමක් දනිත් නම් මමද ඒ දහම දනීමි මා යම් සේද ඔබද එසේය. ඔබ යම්සේද මම ද එසේ වෙමි. එන්න ආයුෂ්මතුනි අපි දෙදෙනාම එක්ව මේ පිරිසේ නායකත්වය දරමු.

බෝසතාණන් වහන්සේගේ පිළිතුර වුණේ සම්බෝධිය හා නිර්වාණය ලබා නොදෙන්නාවු ධර්ම විනයකින් මා තෘප්තිමත් නොවන බවත් , කෙතරම් ගුණවත් දයාබර ගුරුවරයෙකු සමග හවුල් වුවද තමන් පළමුව සම්බෝධියට නොපැමිණ තවුස් පිරිසකට නායකවන්නටද බලාපොරෙත්තුවක් නොවන බවයි. එය වූකලී අන්ධයන් විසින් අන්ධයන් මෙහෙයවීමක් බඳු යයි වදාළහ.

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]