UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

පිණ්ඩපාත චාරිකාවට සහභාගි වෙමින්

අගනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව 09වැනි වරටත් සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව පසුගිය 11 වැනි දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ සිට භික්ෂූන් වහන්සේලා සියක් නමකගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. එහිදී ජනාධිපති මන්දිරය අසළ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඟරුවන වෙත පිරිකර පූජා කළ අයුරු.


ඇසළ මහා සිසු පෙරහර

අධ්‍යාපන අමාත්‍යාංශය සිව්වැනි වරටත් සංවිධානය කළ ඇසළ මහා සිසු පෙරහර පසුගිය 12 වැනිදා පැවැති අතර එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නැරඹීමට එක් විය. එම පෙරහර කොළඹ මහානාම විද්‍යාලයෙන් ඇරැඹි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා ගමන් කළේ ය. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු මැති ඇමැතිවරුන් පිරිසක් ද විදෙස් තානාපතිවරුන් ඇතුලු ආරාධිත පිරිසක් ජනාධිපතිතුමා සමඟ පෙරහර නැරඹූ අයුරු. ඡායා - උදේශ් ගුණරත්න

කොළඹ - කොටුව සම්බුද්ධාලෝක විහාරය මඟින් වසරක් පාසා පවත්වන පිණ්ඩපාත චාරිකාව මෙවරත් සියක් නමකට අධික භික්ෂූන් වහන්සේලා සහභාගිත්වයෙන් පසුගිය 11 වැනිදා පැවැත්විණි. එම විහාරස්ථානයෙන් ආරම්භ වූ පිඬුසිඟා වැඩීමේ පෙරහර ලේක්හවුස් ආයතනය ඉදිරිපසට වැඩම කළ අවස්ථාවේදී එම ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇතුලු සේවක පිරිස් දානමය පින්කමට සහභාගි වූ අයුරු. ඡායා - සිරිපාල හල්වල

මහනුවර ධම්මදස්සි මාවතේ පිහිටි ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී පසුගියදා නවදහම් පාසලක් විවෘත කෙරිණි. එහි විහාරාධිපතිත්වය හොබවමින් සිටියදී අපවත් වී වදාළ දොඹවෙල ශ්‍රී විජිතනාග නාහිමියන් නමින් නම් කළ දහම් පාසලේ නාම පුවරුව මධ්‍යම පළාත් යුද හමුදා ආඥාපති බ්‍රිගේඩියර් එම්.එම්. කිත්සිරි මහතා විසින් විවෘත කළ අයුරු. සුධර්මාරාමාධිපති රාජංගනේ චන්දිම හිමියෝ ද ඡායාරූපයේ වෙති. අසේල කුරුළුවංශ

 
 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]