UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලක්වැසියන් හා සෙනෙහසින් බැඳුණ ජර්මන් මාතාව

 ලක්වැසියන් හා සෙනෙහසින් බැඳුණ ජර්මන් මාතාව

ලක්දිව ඉංගී‍්‍රසි පාලන යුගයේදී ලක්වැසියන්ගේ අධ්‍යාපනය මෙන්ම සෑම අංශයක්ම පිරිහී තුබූ යුගයකි. මෙම පරාදීන යුගයේදී ලක්වැසියන් උද්‍යෝගිමත් කරන්නට විදේශීය කාන්තාවන් කිහිපදෙනෙක් කටයුතු කරන්නට යෙදුණි. ඒ සඳහා ලංකාවට පැමිණි ප්‍රථම විදේශීය කාන්තාව හෙලේනා පෙත්‍රොනා බ්ලැවැස්කි මැතිනියයි. ඒ 1880 දීය. එමෙන්ම ලංකාවට පැමිණි මේරි එළිසබෙත් පොස්ටර් මැතිනියද මෙරටට පැමිණ ඉතා උසස් සේවාවක් සිදුකළ මාරි මියුසියස් හිගින්ස් මැතිනියද 1891 ශ්‍රී ලංකාවට පැමිණියාය. එකල මාරි මියුසියස් හිගින්ස් මැතිනිය සිංහලයන් විසින් හඳුන්වන්නට යෙදුනේ සුදු අම්මා නමිනි. මේ පසුගිය ශතවර්ෂයේ විදේශයකින් ලංකාවට පැමිණ අප රටට උදාර සේවාවන් සිදුකළ විදේශීය කාන්තාවන්ය. එකල මේරි මියුසියස් හිගින්ස් මැතිනිය සුදු අම්මා නමින් හැඳින්වූවා සේම මෙකලද විදේශයෙන් මෙරටට පැමිණ ඉමහත් සේවාවක් සිදු කරනු සුදු අම්මා කෙනෙකු සිටී.

එතුමිය නමින් උර්සුලා බ්‍රයර් මැතිනියයි. මෙතුමියද සුදු අම්මා කෙනෙකි. ඇය ලංකාවට ප්‍රථම වරට පැමිණෙන්නේ 1979 ජුනි මාසයේදීය. මෙරටට පැමිණ ලංකාවේ නන්දෙස සංචාරය කරන්නට යෙදුණි. ලංකාවේ සුන්දරත්වයත්, ලක්වැසි මිනිසුන්ගේ සිත්හි සුන්දරත්වයත් දුටු ඇය නැවත ලංකාවෙන් පිටවන්නේ ඇති හැකි ආකාරයෙන් නැති බැරි අයට උදව් කිරීමට ඉටාගෙනය.

සුදුඅම්මා ලංකාවට පැතිකඩ කිහිපයකින් අප රටට ඉමහත් සේවාවන් රාශියක් එදා සිට මේ දක්වා සිදුකරමින් පවතී. පසුගිය වකවානුවේ අප රටට ඇතිවූ සුනාමි ඛේදවාචකයේ දී නොමසුරුව කටයුතු කරමින් අප රටට ඉමහත් සේවාවන් රාශියක් කරන්ට යෙදුණි. එම දින සමරන වෙහෙර විහාරස්ථාන මුල් කරගෙන ආර්ථික අපහසුතා ඇති මිනිසුන්ට උදාරතර සේවාවන් රාශියක් මේ වන විට සිදුකොට හමාරය. ඒ අතර සුනාමි ව්‍යසනයේදී අසරණ වූ මිනිසුන් වෙනුවෙන් බලපිටියේ නිවාස 37 ක් ඉදිකිරීම සඳහා විශාල මුදලක් වැය කරන්නට යෙදුනි.

සුනාමි ව්‍යාපෘතිය හා සුනාමි දාගැබ සහ කහව, වැලිගම, හික්කඩුව, දික්වැල්ල ආදි ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් මූල්‍යමය මෙන්ම ද්‍රව්‍යමය ආධාර ලබාදුණි.

අපගේ රටට සිදුකළ තවත් සේවාවන් නම් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ශිෂ්‍යාධාර ලබාදීමයි. ඒ අනුව 2004 වර්ෂයේ බුලත්කොහුපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 20 කට ඩෙස් බංකු සාදා ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීමද, කෑගල්ල යටපාන විහාරස්ථානය මුල්කරගෙන 2005 වර්ෂයේ ලෝක ළමා දිනය වෙනුවෙන් තරග පැවැත්වීම සඳහා දහම් පාසල් 15 කට මුදල් ලබාදීමද එම වර්ෂයේම වැලිගල්ල විහාරස්ථානයේ සාමණේර හිමිවරුන්ගේ පුහුණුව සඳහා ද යටපාන විහාරස්ථානය මුල්කරගෙන එම ප්‍රදේශයේ සියලුම දහම් පාසල් වල පුස්තකාල ආරම්භ කිරීම සඳහා 2006 වසරේදී පොත් කට්ටල ලබාදීම ද එම ප්‍රදේශයේ දහම්පාසල් 27 ක ගුරුවරුන් සඳහා දහම්පාසල් නිල ඇඳුම් ලබාදීමට 2002 වර්ෂයේ කටයුතු කරන්නට යෙදුනි. මෙය එම වර්ෂවලදී මෙරටට සිදු කළ සේවාවන් කිහිපයකි.

ඒ අතර කෑගල්ල සල්ගලවත්ත උර්සුලා බ්‍රයර් ප්‍රජා ශාලාව, ලුනාව මොරටුව උර්සුලා බ්‍රයර් ප්‍රජා ශෘලාව ආදි ප්‍රජා ශාලාවන් හා ගොඩනැගිලි 22 කට අධික ප්‍රමාණයක් ඉදිකොට ඇත.

අප රටේ වෙසෙන දුප්පත් පවුල් සඳහා යටිතල පහසුකම් සපුරා ගැනීමටද ආධාර උපකාර කොට ඇත. ඉහත සඳහන් ප්‍රජා සත්කාරයන්ට අමතරව සෞඛ්‍යාධාර, ආබාධිත දරුවන් සඳහා ස්වයංරැකියා ව්‍යාපෘති සඳහා ,ළමා නිවාස, වැඩිහිටි නිවාස සඳහා දිවා ආහාර සහ ඔසු පැන් ලබාදීම ආදි විශාල වශයෙන් අප රටට මේ වන විට සිදු කළ සේවය අතිමහත්ය.

ඇය 2014 ජූලි 07 වෙනි දිනට නැවත ලංකාවට පැමිණෙන්නේ වසර 35 ක් පුරාවට ලංකාභූමියට පැමිණෙන සියවැනි වතාව සනිටුහන් කරමිනි. මෙතුමියට ආශිර්වාද කොට වෙහෙර විහාරස්ථාන රාශියක ආගමික වතාවත් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ජූලි 21 හුණුපිටිය ගංගාරාමයේදී සෙත් පිරිත් හා බෝධිපුජා පින්කම ජූලි 24 කොළඹ 07 , ධර්ම විජය පදනමේදී සවස 6 ට බෝධි පුජා පින්කම ,25 ලුනාව ශ්‍රී බෝධීරාජරාමයේදී පිරිත් පින්කම ආදි පින්කම් රාශියක් සිදුකොට ඇයට ආශීර්වාද කිරීමට කටයුතු යොදා ඇත.

 

ඇසළ අව අටවක

ඇසළ අව අටවක පෝය ජූලි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 08.13 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 07.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 19 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූලි මස 26 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]