UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ මංගල්‍යය

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ මංගල්‍යය

සීනිගම ඓතිහාසික ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 47 වෙනි වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වීමට ශ්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකාර තැන්පත් සරත් දිසෙන්තුවාහන්දි මහතා පසුගියදා පැවති භාරකාර මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

ජූලි මස 31 දින කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ වන ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ උළෙල අගෝස්තු මස 30, 31 සැප්තැම්බර් මස 1, 2, 3, 4, 5, 6 වන දිනයන්හී පැවැත්වේ.

ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව පවත්වා දෙවොල් දෙවියන් උදෙසා මුරුතැන් පූජාවෙන් ආරම්භ වන උත්සවයේ උදා සමුළුව මහනාහිමිවරු, මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන් අගෝස්තු මස 30 වැනි දින පෙරවරු වේ උදා සමුළුව සිනිගම ශ්‍රී දෙවොල් දේවාල භූමියේ දී පැවැත්වේ. අගෝස්තු මස 30 වැනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය අගෝස්තු මස 31 වන දින උදේ හීල දානය මහා සංඝරත්නය උදෙසා පිරිනැමේ. එදින සවස 2.00 ට නානු මුර මංගල්‍යය පවත්වා මුරුතැන් පූජාව දෙවොල් දෙවියන් උදෙසා පිරිනැමේ.

සැප්තැම්බර් මස 01 දින පස්වරුවේ ප්‍රථම දිවා මහා පෙරහර තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයට ද සැප්තැම්බර් මස 02 දින පස්වරු 2.00 ට දෙවන දිවා මහා පෙරහරද, හික්කඩුව සංචාරක පුරවරයට ද සැප්තැම්බර් මස 03 වන දින ප්‍රථම රාත්‍රී මහා පෙරහර රාත්‍රී 8.00 ට ද සැප්තැම්බර් මස 04 වන දින දෙවන රාත්‍රී මහා පෙරහර රාත්‍රී 10.00 ට ද සීනිගම පුරවරයේ වීථි සංචාරය කරනු ඇත.

සැප්තැම්බර් මස 05 වන දින රාත්‍රී 10.00 ට ආරම්භවන දෙවොල් මඩු ශාන්ති යාගය දෙවොල් දෙවියන හා පත්තිනි මෑණියන් උදෙසා පවත්වා ගිනි මැල සතක් ද තරණය කිරීම කපු පත්තිනි ඇදුරන් විසින් සිදුකොට සැප්තැම්බර් 06 වන දින උදෑසන දෙවොල් දෙවියන් උදෙසා පිරිනැමෙන කිරි දානය සියලුම බැතිමතුන්ට පිරිනමනු ලැබේ.

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]