UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළ මහා සිසු පෙරහර මහානාම විද්‍යාලයේ සිට 12 දා ගමන් අරඹයි

 ඇසළ මහා සිසු පෙරහර මහානාම විද්‍යාලයේ සිට 12 දා ගමන් අරඹයි

සිව්වන වරටත් පවත්වනු ලබන ලොව විශාලතම පෙරහර වන ඇසළ මහා සිසු පෙරහර ලබන 12 වැනිදා පැවැත්වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ඇසළ මහා සිසු පෙරහර එදින පස්වරු 2 ට කොළඹ මහානාම විද්‍යාලයේ සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය. මෙම පෙරහරට දිවයිනේ නන් දෙසින් පැමිණෙන පාසල් නැටුම් කණ්ඩායම් 200 කට වැඩි ප්‍රමාණයක් සහභාගි වන අතර සිසුන් 15,000 කට වැඩි පිරිසක් සහභාගිවීමට නියමිතය.

කොළඹ මහානාම විද්‍යාලයෙන් ආරම්භ වන පෙරහර කොළඹ විශාඛා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය යන ප්‍රධාන ස්ථාන 4 ක් ඔස්සේ පෙළගැසෙන පෙරහර කොල්ලුපිටිය ගාලු පාර ඔස්සේ අරලිගයහ මන්දිරය ඉදිරියෙන් ගමන්කර රොටන්ඩා උද්‍යානයෙන් නවම් මාවතින් පෙරහර මාවත ඔස්සේ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලුම අමාත්‍යවරුන් විදෙස් තානාපතිවරුන් හා සංචාරකයින් වෙනත් ආරාධිත ප්‍රභූන් රාශියක් මෙම පෙරහර නැරඹීමට නියමිතය.

 

ඇසළ පසළොස්වක පෝය

ඇසළ පසළොස්වක පෝය ජුලි මස 11 වැනිදා සිකුරාදා අපරභාග 08.31 ට ලබයි. 12 යවැනිදා සෙනසුරාදා අපරභාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුලි මස 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජුලි මස 19 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]