Print this Article


ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට

ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට

ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු උදෙසා සිදු කෙරෙන තේවා මුර මාරුව, මෙවර මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට පැවරීම චාරිත්‍රානුකූලව මෙම ඇසළ පුර පසළොස්වක පෝයදායින් සිදුකෙරේ. පසුගිය වසරේ ඇසළ පෝය දින සිට 2014 ජූලි 12 වෙනිදාට යෙදෙන ඇසළ පුර පසළොස්වක පෝය දින තෙක් ශ්‍රී දළදා සමිඳු තේවාව බාරව සිටි මල්වතුමහා විහාර පාර්ශ්වයේ තේවා මහා සංඝරත්නයත්, තේවාව භාරව වැඩම කරන අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා සංඝරත්නයත් මෙම අවස්ථාවට සහභාගි වෙති.

ඇසළ පෝයදිනට පසුදින තේවාමුරය භාරගැනීම සිදු කෙරෙන අතර මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අතිගෞරවාර්ය මහානායක, අනුනායක හිමිවරුන්, දියවඩන නිලමේතුමාත් සහභාගි වෙති. මෙදින සවස ශ්‍රී දළදා මාලිගාවේ තේවාවට පත්වන අස්ගිරි මහා විහාරයේ මහා සංඝරත්නයට වස් ආරාධනාවද දියවඩන නිලමේ තුමා ප්‍රධාන ශ්‍රී දළදා මාලිගාවේ වස් පින්කම් හා කඨින පින්කම සිදු කරන කොත්මලේ, සුධර්මා සිල්මෑණියන්ද සහභාගිත්වයෙන් සිදුකෙරෙනු ඇත.