Print this Article


සිරි නිකේතනාරාමයේ ගුණ සමරු පින්කම්

සිරි නිකේතනාරාමයේ ගුණ සමරු පින්කම්

පිළියන්දල නාම්පමුණුව සිරිනිකේතනාරාම පුරාණ විහාරස්ථානයේ වැඩසිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත අපරැක්කේ ධම්මරතන නාහිමියන්ගේ 09 වන ගුණානුස්මරණ පින්කමද වර්තමාන විහාරාධිපති ඇරැව්වල විද්‍යාලෝක විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති, උඩුගල්මොටේ තිලකසිරි හිමියන්ගේ 50 වන ජන්ම දිනය හා පැවිදි දිවියට 35 වසරක් සහ උපසම්පදාවෙන් 30 වන වසරද සපිරීම නිමිති කර ගනිමින් මේ මස 16 සිට 20 වන දින දක්වා පින්කම් මාලාවක් විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.

ජූලි 16 වන දින පෙරවරු 9.30 ට අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් ආරම්භවන පින්කම් මාලාවේ දී බුදුන්වහන්සේ වස් සමාදන් වූ පූජනීය ස්ථාන 45 මුල් කරගනිමින් පන්සාලිස් වස් පූජාවන් පැවැත්වීම විශේෂිතය. ආශිර්වාදාත්මක බෝධි පූජා, සත්බුදු වන්දනාව, අටවිසි බුද්ධ පූජා, ධර්ම දේශනා, සෙත් පිරිත් දේශනා, සාංඝික දානමය පින්කම් ආදී වූ පින්කම් මාලාවක් සිදු කෙරෙයි.