Print this Article


ලන්ඩන් ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ඇරැඹේ

ලන්ඩන් ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ඇරැඹේ

එක්සත් රාජධානියේ ලන්ඩනයේ ප්ලයිස්ටෝව් හි ඩැක්රි මාර්ගයේ අංක 84 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී සම්බෝධි ප්‍රජා සංවර්ධන පදනම අරඹන ලද්දේ භාවනාව හා සන්සුන් භාවය තුළින් අධ්‍යාත්මික හා සමාජ ප්‍රගමනය සඳහා මානව වර්ගයාගේ මානසික සුවය හා අස්වැසිල්ල සංවර්ධනය කිරීමට මෙන්ම බටහිර ලෝකය පුරා බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීමේ අභිමථාර්ථය ඇතිවය.

එම පදනම යටතේ ආරම්භ කරන ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය බුද්ධ වර්ෂ 2558 ඇසළ මස පළමුවන දින ( 2014 ජූලි 01 ) දා උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මා හිමිපාණන් ඇතුළු සම්භාවනීය මහා සංඝයාවහන්සේ සමගින් දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙනි.

මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි, අස්ගිරිය පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආනමඩුවේ ධම්මදස්සී හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක මකුළූවේ විමල නාහිමි මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යක්ෂක, ආචාර්ය අකුරැටියේ නන්ද හිමි, මුතියංගන රජමහා විහාරයේ භාරකාර මුරුද්දෙනියේ ධම්මරතන හිමි, මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ මේධංකර හිමි සම්බෝධි විහාරාධිපති හා ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ අධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම හිමි, පන්නල පඤ්ඤාලෝක හිමි, හුරීකඩුවේ විද්‍යාසාගර මහ පිරිවෙනේ කථිකාචාර්ය හුරීකඩුව පඤ්ඤාසේකර හිමි, ඕමාරේ සෝමිස්සර හිමි, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස්, සම්බෝධි විහාරයේ දායක සභා ලේකම් සුරනිමල සේනාරත්න බෞද්ධයා මාධ්‍ය ජාල පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් යහම්පත්, එංගලන්තයේ ශ්‍රී සම්බෝධි ප්‍රජා සංවර්ධන පදනමේ භාරකරු වෛද්‍යාචාරිනී ෂිරෝමා ජයවීර බණ්ඩාර, එම භාරකරු වෛද්‍ය සුනිල් කාරියකරවන, බෞද්ධයා මාධ්‍ය ජාල සමාගමේ වැඩසටහන් අධ්‍යක්ෂ ෂෂික ජයතිලක මහත්ම මහත්මීහුද එම අවස්ථාවට එක්වූහ.