Print this Article


ධර්ම දේශනා හා සජ්ඣායනා පුහුණු පාඨමාලාව

ධර්ම දේශනා හා සජ්ඣායනා පුහුණු පාඨමාලාව

නූතන ශ්‍රී ලංකාවේ ගුණාත්මක ධර්ම දේශනා සම්ප්‍රදායක් ඇති කිරීම හා භික්‍ෂු උපදේශන සේවාවක් ඇති කිරීම අරමුණු කර ගනිමින් පූර්ණ නේවාසික මාසික ධර්ම දේශනා හා සජ්ඣායනා පුහුණු පාඨමාලාවක් පැවැත්වීම සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ. ධර්ම දේශනා කිරීමට කැමති භික්‍ෂූන් වහන්සේලාට ධර්මඥානය ලබා දෙමින් උන්වහන්සේලාගේ සන්නිවේදන ශක්‍යතාව ඇති කිරීම සඳහා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් විසින් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව මෙහි දී ලබා දෙන අතර පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ධම්ම භාණක ගෞරව නාමය ද ලබා දෙනු ඇත. වයස අවුරුදු 15 ඉක්මවූ භික්‍ෂූන් වහන්සේලාගෙන් 2014 අගෝස්තු 01 දින දක්වා අයදුම්පත් බාර ගැනේ. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, දම්සභාව, ශ්‍රී ජේතවනාරාමය, ඉඳුරාගාර, දූනගහ යන ලිපිනයට නම, ලිපිනය හා දුරකථන අංකය ඇතුළත් අයදුම්පතක් එවීමෙන් අදාළ විස්තර ලබා ගත හැකිය.අයදුම්පත් ලැබෙන අනුපිළිවෙලට අයදුම්කරුවන් කඩිනමින් තෝරා ගැනේ.