Print this Article


කිරිවෙහෙරේ සති පිරිත ඇරැඹේ

කිරිවෙහෙරේ සති පිරිත ඇරැඹේ

(ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ)

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ කතරගම ඇසළ පෙරහර වෙනුවෙන් පවත්වනු ලබන සති පිරිත් පින්කම ජූලි මස 04 දින සිට 11 දින දක්වා පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රාචාර්ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු සංවිධානය කර ඇත. ජූලි මස 04 දින සතිපිරිත් පින්කම ආරම්භ කිරීම සඳහා පිරිත් මණ්ඩපයට සධාතුක කරඬුව වැඩම කරවීම රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් සිදු කරනු ලැබේ. ජූලි මස 10 දින රාත්‍රී දොරකඩ අස්න අනුශාසනාව කරනු ලබන්නේ මාතර යටියන වතුකොළ කන්දේ විහාරාධිපති පුහුල්වැල්ලේ ධම්මාරාම නාහිමියන් විසිනි. දේවදූත මෙහෙවර සිදුකරනු ලබන්නේ කතරගම ජනාධිපති ජාතික පාසලේ ඉගෙනීම ලබන ඩබ්.ඒ.කේ. නමිඳු තීක්‍ෂණ චතුරංග කුමරුවා විසිනි. ජූලි මස 11 දින ශතාධික මහා සංඝරත්නයට අටපිරිකර සමඟ මහාදානය පිළිගැන්වීමෙන් සති පිරිත් පින්කම් කටයුතු අවසන් වෙයි.