Print this Article


අමරපුර සිරි සුමන මහානිකායේ උපසම්පදා විනයකර්ම – 2014

 අමරපුර සිරි සුමන මහානිකායේ උපසම්පදා විනයකර්ම – 2014

දඩලුපරම්පරායත්ත අමරපුර සිරි සුමන මහා නිකායේ උපසම්පදා විනය කර්මය 2014 ජූනි මස 28 දින පන්නිපිටිය දෙපානම ශ්‍රී දෙවුරම් මහා විහාරස්ථ ශ්‍රී පියදස්සි උපෝෂථාගාරයේ දී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත අතිපූජ්‍ය මාතර විමලරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බව නිකායික සියලු භික්‍ෂු සංඝයා වෙත දන්වා සිටී.

සුදුසුකම් සපුරා ඇති උපසම්පදා පේක්‍ෂකයන් වහන්සේලා මහා ලේඛකාධිකාරී අනු නාහිමි ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය ශ්‍රී ධම්මරක්‍ඛිත මහා නාහිමි මාවත බූස්ස යන ලිපිනයෙන් අයදුම්පත් ලබාගත හැකිය. වැඩි විස්තර සඳහා 091 2267063, 071 8375721 ප්‍රවීණාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත රජ්ගම තිලකසිරි අනුනායක හිමි අමතන ලෙස සිරි සුමන කාරක මහා සංඝ සභාවේ අනුමැතිය පරිදි ප්‍රවීණාචාර්ය ශාස්ත්‍රවේදී රජ්ගම තිලකසිරි අනුනාහිමියෝ දන්වා සිටී.