| 
						 | 
					
						| 
						 | 
					
						| 
			මිහින්තලා ලේක්හවුස් ආලෝකපූජාව විවෘත කිරීමට පැමිණි මහින්ද රාජපක්‍ෂ 
			ජනාධිපතිතුමා මිහින්තලා පුදබිමේ දී ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ 
			මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් පිළිගත් අවස්ථාව.  | 
					
						| 
						 | 
					
						| 
			මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 52 වන වරටත් උත්කර්ෂවත් අයුරින් මහින්ද 
			රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුද බිමේ දී ඉකුත් 
			11 වන දා ආරම්භ කැරිණි. එහිදී ජනාධිපතිතුමා විසින් සුබ මොහොතින් විදුලි 
			ආලෝක පූජාව විවෘත කළ අවස්ථාව. ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් 
			සහ අබාන්ස් ආයතනයේ සැදැහැති දායකත්වයෙන් විදුලි ආලෝක පූජාව පැවැත්විණි. 
			එම අවස්ථාවට සහභාගි වූ පවිත්‍රා දේවි වන්නිආරච්චි අමාත්‍යතුමිය සහ 
			තිස්ස කරල්ලියද්ද, බන්දුල ගුණවර්ධන, එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරු ද 
			උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරු මැද ප්‍රධාන 
			අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර 
			සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල 
			පද්මකුමාර, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල මහත්වරු ද 
			මෙහි වෙති. ලේක්හවුස් කර්තෘමණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත්, මෙහෙයුම් 
			අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, නීති හා පරිපාලන අධ්‍යක්‍ෂ නීතිඥ රසාංග 
			හරිස්චන්ද්‍ර මහත්වරු ඇතුළු අමුත්තන් රැසක් එම අවස්ථාවට සහභාගි වූහ. | 
					
						| 
						 | 
					
						| මිහින්තලා ලේක්හවුස් ආලෝකපූජාව විවෘත කිරීමට පැමිණි මහින්ද රාජපක්‍ෂ 
			ජනාධිපතිතුමා වෙත ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල 
			පද්මකුමාර මහතා විසින් “අනුරපුරේ ශි‍්‍රයා” දිනමිණ විශේෂ අතිරේකය 
			පිළිගැන්වූ අයුරු. | 
					
						| 
						 | 
					
						| මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවැනි දිනය (පසළොස්වක පෝදා) ආරක්‍ෂක 
			හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 
			ප්‍රධානත්වයෙන් මිහින්තලා මැදමළුවේ ද විවෘත කළ අවස්ථාව, අමාත්‍ය 
			එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් 
			සමරකෝන්, ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, 
			ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහත්වරුද මෙහි වෙති. | 
					
						| 
						 | 
					
						| මිහින්තලා ලේක්හවුස් ආලෝකපූජාව විවෘත කිරීමට පැමිණි ආරක්‍ෂක හා නාගරික 
			සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලේක්හවුස් සභාපති 
			ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා විසින් “අනුරපුරේ ශි‍්‍රයා” 
			දිනමිණ විශේෂ අතිරේකය පිළිගැන්වූ අයුරු. | 
					
						|  | 
					
						| මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ අවසන් දිනයේ දී විදුලි ආලෝකය විවෘත 
			කිරීම අනුරාධපුර දිසා ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා අතින් සිදු කැරිණි. 
			මිහින්තලේ උපදිසාපති රුවන් ඒකනායක, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ 
			සීලරත්න සෙනරත් මහත්වරු ද එම අවස්ථාවට එක් වූහ. | 
					
						|  | 
					
						| මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් ‘බුදුසරණ’ මෙහෙයවූ උතුරුමැද පළාතේ 
			පාසල් දරුවන් අතර පැවැති කථික තරගයේ ජයග්‍රාහකයන් වෙත තිළිණ හා සහතික 
			පත් පිරිනැමීමෙන් පසු මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ 
			ධම්මරතන හිමියන් සහ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ සීලරත්න සෙනරත් 
			මහතා සහ අනුරාධපුර දිසා ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා හා මිහින්තලේ 
			උපදිසාපති රුවන් ඒකනායක මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව. | 
					
						|  | 
					
						| මිහින්තලේ ප්‍රදේශයේ දහම් පාසල් දරුවන්ගේ සීල සමාදාන පින්කමේදී එම සිල් 
			පිරිස වෙත ලේක්හවුස් අනුග්‍රහයෙන් පිරිනමන ලද දානය මිහින්තලා රාජමහා 
			විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 
			පිරිනැමූ අවස්ථාව. | 
					
						| 
			අමිල ප්‍රභාත් වනසිංහඡායා - සුදත් මලවීර, කිත්සිරිවනසිංහ
 |