Print this Article


උඩරට අමරපුර නිකායේ උපසම්පදාව ජුලි 4 - 5

උඩරට අමරපුර නිකායේ උපසම්පදාව ජුලි 4 - 5

උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදා මංගල්‍ය ජුලි 4, 5 දිනවලදී වරාතැන්න හල්ලෝලුවාතොට හක්කිඳ සිරිමහබෝධි උදකුක්ඛේප සීලාමාලකයේ දී උඩරට අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහා නාහිමිපාණන්ගේ සහ අනුනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යචාර්ය අත්තරගම වජිරජෝති නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උපසම්පදා අපේක්ෂක සාමණේර ශිෂ්‍යයින් වෙනුවන් නේවාසික පුහුණුව ජුනි 19, 20, 21 දිනවල වරදිවල පූර්වාරාමයේදී පැවැත්වෙන අතර ඉල්ලුම්පත් සම ලේකම්වරුන් වන ශාස්ත්‍රපති , යටිනුවර සුමන, පණ්ඩිත වත්තේගම ධම්මාවාස යන හිමිවරුන්ගෙන් ලබාගැනීමට ඉල්ලුම්පත ඉදිරිපත් කළයුතුව ඇත. මහෝපාධ්‍ය සංඝනායක මාලගම්මන චන්දජෝති, සංඝනායක ශාස්ත්‍රපති වරදිවෙල විජයසුමන යන හිමිවරුන්ගේද සහභාගිත්වයෙන් විනයකර්ම කටයුතු කාරක සංඝ සභාවේද සහාය ඇතිව සිදුකෙරේ.