Print this Article


වජිරගිරි විහාරයේ බෝධි රෝපණ පින්කම

වජිරගිරි විහාරයේ බෝධි රෝපණ පින්කම

තංගල්ල වජිරගිරි විහාරයේ බෝ අංකුරයක් රෝපණය කිරීම සහ අටවිසි බුදුපිළිම තැම්පත් කිරීමේ පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තංගල්ල වජිරගිරි විහාරය රත්මලාන චක්කින්දාරාම යන උභයවිහාරාධිපති තංගල්ල පිරිමි ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති මිරිස්සේ ධම්මවංශ මාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කම් මාලාව ධර්ම දේශනා අටවිසි බුද්ධපූජා සහ පෙරහර ආදියද පැවැත්වේ.

තංගල්ල නාවුක හමුදා කඳවුර සාගර විශ්ව විද්‍යාලය බන්ධනාගාරය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සමාජ නියාමක බැංකුව සහ තංගල්ල පොලිසියේ අනුග්‍රහය ඇතිව පවත්වන මෙම පින්කම් මාලාවේ ධර්ම දේශකයන් වහන්සේලා දම්දෙසුම් පවත්වති.