Print this Article


පොසොන් බැති ගී තරඟාවලියක්

පොසොන් බැති ගී තරඟාවලියක්

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහම් පාසල් අතර පොසොන් බැති ගී තරගාවලියක් සංවිධානය කොට ඇත. හඟුරන්කෙත ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් අතර පැවැත්වෙන මෙම පොසොන් බැති ගී තරගාවලියේ හොඳම ගායනා ඉදිරිපත් කරන දහම් පාසල් 10 ක් අවසන් මහ තරගය සඳහා තෝරා ගැනීමට නියමිතයි.

මෙම දහම් පාසල් 10 විසින් ඉදිරිපත් කරනු ලබන පොසොන් බැති ගී සරණිය, පොසොන් පොහො දින (12) ප.ව. 6.30 සිට හඟුරන්කෙත පොත්ගුල් මාලිගා විහාරමළුවේදී පැවැත්වේ. මින් ජය ගන්නා දහම් පාසල් කණ්ඩායම් සඳහා ත්‍යාග ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.