Print this Article


අනුරාධපුර වාර්ෂික පිච්ච මල් පූජාව

අනුරාධපුර වාර්ෂික පිච්ච මල් පූජාව

‘ශාන්ති පදනම’ මගින් වාර්ෂිකව අනුරාධපුරයේ පවත්වනුලබන ජාතික පිච්ච මල් පුජා මහෝත්සවය 25 වන වරටත් මෙවරද ජුලි මස 05 වන දින පැවැත්වේ. මෙවරද මෙම පින්කම ජය ශ්‍රී මහා බෝධිස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස මාහිමිපාණන් ගේ සහ රුවන්මැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශීර්වාදය ඇතිව කොටපොල අමරකිත්ති මාහිමියන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මෙවර පිංකමේ වැඩසටහන ජුලි 04 වන සිකුරාදා උදේ 6.00 සිට සවස 4.00 දක්වා සිල් වැඩ සටහන, රාත්‍රී 8.00 - සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, 05 වන සෙනසුරාදා සවස 2.00 ට පිච්ච මල් පෙරහැර ආරම්භ වීම, 06 වන ඉරිදා උදේ 5.30 ට පළතුරු පූජාව - රුවන්මැලි මහා සෑ රදුන්ට, උදේ 9.00 ට භාවනා වැඩසටහන.