Print this Article


දන්සල්

දන්සල්

මිහින්තලේ

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරාධිපති දක්‍ෂිණලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කිහිඹියේ විජිත හිමියන්ගේ හා සැදැහැවතුන්ගේ ආධාරයෙන් මෙම පොසොන් පොහෝදා මිහින්තලේ කොළඹ පාර මන්සන්ධියේ දී 17 වැනි වරටත් ‘සිසිල් පැන්’ දන්සල ජූනි මස 12 හා 13 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


පොල්ගහවෙල

පොල්ගහවෙල තලවත්තේගෙදර මහින්ද තරුණ බෞද්ධ සමිතිය පවත්වනු ලබන දන්සල මේ මස 11 වැනි දා රාත්‍රි 9.00 සිට රෑ පහන්වනතුරු පැවැත්වෙන බව සංවිධාකයයෝ දන්වා සිටිති. 44 වතාවටත් පැවැත්වෙන මෙම දන්සලට අමතරව පුන් පෝ දා සීල සමාදාන වැඩසටනක් ද පැවැත්වේ.


කොස්ගම

සිවුවැනි වරටත් කොස්ගම සුමේධ විද්‍යාලය පාර ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කරන මඤ්ඤොක්කා දන්සල පොසොන් පොහෝ දා සවස 1 සිට සුමේධ පාසල අසල පැවැත්වෙන බව සංවිධායිකා පුෂ්පා හපුආරච්චි මහත්මිය දන්වයි.


පන්නල ශ්‍රී සුනන්දාරාමය

පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම විහාරස්ථ පොසොන් දන්සල් කමිටුව වාර්ෂිකව සංවිධානය කරන පොසොන් බත් දන්සල මෙම 11 දා සිට 13 දක්වා අනුරාධපුර ඓතිහාසික මිරිසවැටිය දාගැබ අසලදී පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන විහාරාධිකාරී ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව ප්‍රදේශවාසීන් මෙම දන්සල සඳහා අනුග්‍රහය දක්වා ඇත.