Print this Article


උඩරට අමරපුර නිකායේ උපසම්පදා උළෙල

උඩරට අමරපුර නිකායේ උපසම්පදා උළෙල

2014 වසරේ උඩරට අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය 2014 ජූනි 28 වන සෙනසුරාදා පස්වරු 2.00 ට චිරාගත සම්ප්‍රදායානුකූලව විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ උපෝසථාගාරයේදී සාහිත්‍යාචාර්ය විනය විශාරද අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහානායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උපසම්පදා අපේක්‍ෂකයින් උදෙසා ලිඛිත පරීක්‍ෂණය 2014 ජූනි 21 දින පෙරවරු 9.00 ට ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනේ දී ද, උපසම්පදා වූ පසු සිදු කෙරෙන ධර්ම විනය පුහුණු පාඨමාලාව ජූනි 29, 30 යන දිනවල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ දී ද, පැවැත්වෙන අතර ඊට අදාළ විස්තර හා අයදුම්පත් ජූනි මස 15 දිනට පෙර ‘ලේඛකාධිකාරී ශ්‍රී සුමංගලාරාමය විදුරුපොළ කැප්පෙටිපොළ’ යන ලිපිනයට එවිය යුතු බව විනයවාදිනී කාරක සංඝ සභාවේ නියමය පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍ර විශාරද නිකපොත චන්ද්‍රජෝති නාහිමියන් දන්වා සිටී.