Print this Article


බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි වේ

බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි වේ

නුවරඑළිය, සිංගල් ට්‍රී, ස්වර්ණගිරි විවේක සේනාසන පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරට උසින්ම පිහිටි අභයමුද්‍රාව සහිත විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙති. උසින් අඩි 60 ක් වන මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම මෙම පොසොන් මස පුන් පොහෝ දින සිදු කෙරේ.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ යෝජනාවක් මත ඉදි කෙරෙන මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සඳහා ස්වර්ණගිරි විවේක සේනාසනයේ විහාරාධිකාරී නන්දරතන හිමියන් අනුශාසකත්වය ලබාදෙති. ස්වර්ණගිරි විවේක සේනාසනයේ දායක සභාව, නුවරඑළිය මහ නගර සභාව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හා සී.බී. රත්නායක පදනම එක්ව මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමේ කටයුතු සංවිධානය කරයි.