Print this Article


කතරගමදී සමාජ සද්කාරක වැඩසටහන් රැසක්

කතරගමදී සමාජ සද්කාරක වැඩසටහන් රැසක්

පොසොන් පෝය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ තරුණී පුවත්පත මගින් පවත්වනු ලබන සමාජ සද්කාරක සේවාවන් රැසක් ඓතිහාසික කතරගම පුරවරයේදී පැවැත්වේ. ජුනි මස 14 වැනි සෙනසුරාදා උදෑසන 9 සිට සවස 2 දක්වා කතරගම ශ්‍රී‍්‍ර මධුර ආශ්‍රමයේදී පවත්වන එම සද්කාරක වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂශාස්ත්‍ර චින්තා වික්‍රමසිංහ මහත්මිය විසිනි. කිරි ගවයන් නිදහස් කිරීම විශේෂ ආශිර්වාද පූජාව හා විශේෂ වෛද්‍ය දේශන දෙකක්ද මෙහිදී පැවැත්වේ.මෙම සමාජ සද්කාරක වැඩසටහන සඳහා සහභාගීවීම සඳහා ලේක්හවුස් ආයතනයේ විශේෂ ප්‍රවාහන සේවාවන් ද සලසා තිබෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර 011 – 2429591 අමතා ලබාගත හැකිවේ.