Print this Article


කතරගම කිරිවෙහෙරේඅෂ්ඨ පරිස්කාර පූජාව

කතරගම කිරිවෙහෙරේඅෂ්ඨ පරිස්කාර පූජාව

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ 03 වන වරටත් පැවැත්වෙන අෂ්ඨ පරිස්කාර පූජාව ජුනි මස 14 දින රාත්‍රි 7.00 සිට රාත්‍රී 9.00 දක්වා කිරිවෙහෙර චෛත්‍ය මලුවේ දී පැවැත්වීමට කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණානන්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි කටයුතු සංවිධානය කර ඇත.මෙදින පස්වරු 6.00 ට ෂඩ්වර්ණ සාටකයක් කප්රුක් පූජාව සඳහා බොඩි ලයින් පුද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලය හේවිසි ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍ය මලුවට වැඩම කර කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීම සිදුකරනු ලැබේ.

කිරිවෙහෙර චෛත්‍යයේ පේසා වලල්ල මත අටපිරිකර දෙදහස් පන්සියයක් තැන්පත් කිරීම, නෙලුම් මල් දහසක් පූජා කිරීම, පහන් දහසක ආලෝක පූජාවක්ද පැවැත්වේ’ආගමික කටයුතු සෙත් පිරිත් දේශනා කිරීම කිරිවෙහෙර රාජමහා ෂහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිදු කරනුලැබේ.අපවත්වී වදාළ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ට පින් අනුමෝදන් කරවීම හා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම ද මෙදින විහාරස්ථානයේ දාන ශාලාවේ ඔසුපැන් දන්සැලක් ද පැවැත්වේ.