Print this Article


පොසොන් පොහොදා පින්කම්

පොසොන් පොහොදා පින්කම්

අනුරාධපුර මහාවිහාරය

අනුරාධපුර මහාවිහාරයේ පුන් පොහෝ දින වැඩසටහන් මාලාවේ මෙවර වැඩසටහන ‘ඓතිහාසික මහින්දාගමනය’ තේමා කර ගනිමින් පැවැත්වේ. අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ ඒ සඳහා අනුශාසනා කරති. පෙරවරු 6.00 පෙහෙවස් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 7.00 හීල් දානය, 8.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගම අභයතිස්ස නාහිමි, 9.00 ධර්මදේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, මහාචාර්ය දයා අමරසේකර මහතා, 10.30 බුද්ධ පූජාව, 12.00 ජාතක කතාව, ශාස්ත්‍රවේදී ඉහළදිවුල්වැවේ විමලවංශ නාහිමි, පස්වරු 1.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති රත්මල්ගහවැවේ ඥානාලෝක නා හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම. පස්වරු 2.45 දම්සභා මණ්ඩපය ශාස්ත්‍රවේදී ඊතලවැටුණු වැවේ ඥානතිලක නාහිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා, 3.45 භාවනාව පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 4.45 බෝධි පූජාව පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, ප.ව. 5.45 සිල්පවාරණය.


කැලණිය රජමහා විහාරය

පෙරවරු 6.00 – 6.30 සීලසමාදාන හා උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 – 9.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්මදේශනාව හබරකඩ ශ්‍රී ඉන්දරතන නාහිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15- 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 වෛද්‍ය විද්‍යා දේශනය චින්තන ගලහිටියාව මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමි, 4.00 – 5.00 විශේෂ දේශනය අනගාරික ධර්මසේකරතුමා, 5.00 – 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නා හිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව දෙමටපිටියේ මධුරවංස හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති කහටවිලවත්තේ පාලිත නාහිමි.


බෙල්ලන්විල රාජමහා විහාරය

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 7.00 බුද්ධ පූජාව පැවැත්වීම, 8.30 ධර්මදේශනාව ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමි, 10.00 භාවනාව තලාවේගම සද්ධාතිලක හිමි, පෙ.ව. 11.00 බුද්ධ පූජාව පැවැත්වීම, පස්වරු 1.30 ජාතක ධර්ම දේශනාව කරගහවල චන්දානන්ද හිමි, 3.00 ධර්ම සාකච්ඡාව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා මහතා, ශාස්ත්‍රපති ජී.වීරතුංග මහතා, 4.30 ධර්ම දේශනාව තිරිකුණාමලේ ආනන්ද අනු නාහිමි, රාත්‍රී 7.00 බුද්ධ පූජාව පැවැත්වීම, රාත්‍රී 7.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද හිමි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෙරවරු 6.00 – 6.30 සිල් සමාදන් කරවීම අනුශාසනාව, රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නායක හිමි, 6.30 – 7.15 ධර්මානුශාසනාව මීගොඩ සුඛිත හිමි, 8.00 – 8.30 ජාතක කතා පොතෙන්, විනයාචාර්ය පිටිපන සාසනරතන හිමි, 8.30 – 9.00 ධර්මානුශාසනාව ත්‍රිපිටකාආචාර්ය වේරදුවේ මහින්ද හිමි, 9.00 – 10.00 ධර්මානුශාසනාව මහාචාර්ය අඟලකඩ සිරිසුමන හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විසාරද හිමි, 12.30 – 1.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරී කඹුරුගමුවේ මහානාග හිමි, 1.15 – 2.30 ධර්ම සාකච්ඡාව කඩවත සමින්ද හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව මැදගම්පිටියේ විජිත ධම්ම හිමි, 4.00 – 5.00 ගිහි දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා, 5.00 – 6.00 ධර්මානුශාසනාව මඩිහේ සුගතසිරි හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


මහරගමසිරි වජිරඤාණ ධර්මායතනයේ

වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, 10.00 - 11.00 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මලංගොඩ බෝධි ධම්ම හිමි, සහ අනුරාධපුර විරාග හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සද්ධානන්ද හිමි සහ යාගගමුවේ මංගල හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.30 ධර්ම දේශනාව නුගේගොඩ පුණ්ණ හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය අජාන් බ්‍රහ්මවංසෝ නාහිමි 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ඇමෙරිකාවේ වොෂිංටන් බෞද්ධ විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම, ගුවන්විදුලි සංස්ථාවේ විශ්‍රාමික ළමා හා කාන්තා අධ්‍යක්‍ෂක සුමනා ජයතිලක මහත්මිය, 3.00 – 4.00 ධර්මදේශනාව නවගත්තේගම සුගතවංස හිමි, 4.15 – 6.00 ධර්මදේශනාව, අජාන් බ්‍රහ්මවංසෝ මාහිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කතරගම – කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී පොසොන් පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. උදේ ධර්මදේශනාව හා භාවනා වැඩසටහන කිරිවෙහෙර චෛත්‍ය මලුවේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් ගිලන්පස පූජා කර බෝධීන් වහන්සේ නෑවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤානින්ද හිමියන් විසින් සිදු කරයි. රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවද කිරිවෙහෙර මළුවේද, පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථදායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

ඊ.එච්.සෝමපාල, කතරගම විශේෂ


කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය

අලුයම 05.30 ට කිරි ආහාර පූජාව සමඟින් විකාශනය ආරම්භ වීම. පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර පූජාව පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 6.00 – 7.15 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 ධර්මදේශනාව අජාන් බ්‍රහ්මවංශෝ හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි, 11.00 – 11.30 ව්‍යාංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ධම්සභා මණ්ඩපය වල්පොල ගෝතම හිමි, කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව උඩුදුම්බර කාශ්‍යප හිමි, 4.30 – 5.30 ධර්මදේශනාව දියසේනපුර විමල හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.


ඉසිපතනාරාම මහා විහාරය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, 7.00 ට බුද්ධ පූජාව වග විජිතවංස හිමි, 8.00 – 9.00 භාවනාව කනුමුල්දෙනියේ සුමංගල හිමි, 9 – 10 ධර්මදේශනාව උපනේ සුමංගල හිමි, 10.30 ජාතක පොත් දේශනාව, වලස්මුල්ලේ සමිත හිමි. 11.00 ට බුද්ධ පූජාව පස්ගොඩ සුමිත්ත හිමි පස්වරු 1.00 සිල් රෙදි පූජාව, ඉසිපතනාරාම ශාසනාරක්‍ෂක සමිතිය 1.30 පිරිත් දේශනාව බංගලාදේශයේ නාගතිස්ස හිමි, 2 – 3 ධර්මදේශනාව වල්ගම සුමන හිමි, 4 – 5 ධර්මදේශනාව මෙත්තාරාමවාසී සිරිසුමන හිමි 5.30 සීල සමාදානය 6.30 සත්සති පූජාව රාත්‍රී 7.30 ට පොසොන් භක්ති ගීත ඉසිපතනාරාම ශ්‍රී සරණපාල දහම් පාසල


ඇතුල්කෝට්ටේ ධර්මාශ්‍රම විහාරස්ථානය

උදෑසන 5.45 ට අටවිසි කිරි ආහාර බුද්ධ පූජාව, උදේ 6.00 ට සීලසමාදානය පෙරවරු 8 ට රිදීබැඳි ඇල්ලේ පඤ්ඤාසාර හිමියන් පවත්වන ධර්මදේශනාව 10 ට භාවනාව බැදිගම සිරිවිමල හිමි, දහවල් 11.15 ට බුද්ධ පූජාව සවස 1.30 ට ධර්මදේශනාව, නිරිඇල්ලේ, තිලකානන්ද හිමි, සවස 3 ට ධර්මදේශනාව බැරගම පියනන්ද හිමි රාත්‍රී 7 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව.


නාවිමන ගිරිකන්දරාරාම පුරාණ රජ මහා විහාරය

පෙරවරු 6.00 – 7.30 සීල සමාදානය උදෑසන කිරි ආහාර, බුද්ධ පූජාව විහාරාධිපති යටලමත්තේ විපස්සි හිමි, 8.30 – 9.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති පණ්ඩිත අපරැක්ක සෝරත හිමි, 9.45 – 10.40 භාවනා වැඩසටහන, 11.00 – 11.30 දහවල් බුද්ධ පූජාව, 11.30 – 12.00 දහවල් දානය 12.00 – 1.00 විවේක කාලය, පස්වරු 1.30 – 2.00 සෙත් පිරිත් සජ්ඣායනය, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රොටුඹ ශාන්ත හිමි, 4.00 – 5.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කුඹල්ගම සුසීම හිමි, 7.00 – 8.00 බෝධි පූජා හා බුද්ධ වන්දනාව.


උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාමය

ගාල්ල – උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ දී පින්කම් මාලාවක් ජූනි 12 දින දවස පුරා පැවැත්වේ. ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් ද එදින රාත්‍රී විහාරස්ථානයේ රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස විශේෂ බෝධි පූජාමය පින්කමක් ද විහාරාධිකාරී උඩුගම සාරානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


යටලමත්ත ශ්‍රී සුමංගලාරාමය

ගාල්ල – යටලමත්ත ශ්‍රී සුමංගලාරාම විහාරයේ පොසොන් උළෙල වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව.විහාරාධිකාරී උඩුගම සාරානන්ද හිමියන් පවසයි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ට ධර්ම දේශනය, පූජ්‍ය වදවල පඤ්ඤාසිරි හිමි, 10.30 –11.00 ට දහවල් අටවිසි බුද්ධ පූජාව කන්තලේ සුමිත්ත හිමි, 12.15 – 12.45 ට බුද්ධානුස්සති භාවනාව, 2.15 – 3.15 දක්වා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, 3.30 – 4.30 ට ධර්ම සාකච්ඡාව නීතිඥ දර්ශන පි‍්‍රයන්ත රන්මතුගේ මහතා, 4.30 – 5.30 ට ධර්මදේශනය සුධම්ම හිමි 6.45 – 7.45 ගිලන්පස, සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ට රාත්‍රී ධර්ම දේශනය පටිගත කරන ලද ධර්ම දේශනයකි.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාව පෙරවරු 8.00 – 9.00 ධර්ම දේශනාව පිළියන්දල සංඛපාලි දසසිල් මෑණීයන් 9.30 – 10.30 ධර්ම දේශනාව කෝට්ටේ රේවත හිමි, 11.00 ට දහවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව පස්වරු 1.00 – 2.00 ධර්ම දේශනාව සමන්එළියේ පියදස්සි හිමි 2.15 – 5.00 භාවනාව පිළියන්දල සංඛපාලී දසසිල් මෑණියන්,තුන්සූත්‍ර දේශනය සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලී ප්‍රධාන දසසිල් මෑණියන්් විසින්. පොහොයදිනයෙහිදී සිල්වත් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍ර බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මැතිණියගේ අනුග්‍රහයෙනි.


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පෙරවරු 6.00 – 7.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත වැලිගෙපොල සීලවංශ නාහිමි, 9.00 – 10.00 අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්මදේශනාව, 10.00 – 11.00 ආරාධිත දේශනාව ඒ. රණවීර ආරච්චිගේ මහතා, 11.00 – 12.00 ආහාර බුද්ධ පූජාව, පස්වරු 1.00 – 2.30 භාවනාව ශාන්ත ජෝතිවංශ මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව මඩිහේ සුගතසිරි හිමි, 4.00 – 5.00 ධර්මදේශනාව පයාගල නිමල හිමි, 5.00 – 5.45 බුද්ධ පූජාව හා සිල් පවාරණය, ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.


මොරටුව හොරේතුඩුව

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 8.00 ධර්මදේශනාව පිටකෝට්ටේ ආනන්ද හිමි, 9.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව 10.00 භාවනාව මහියංගණයේ විශාකා දම්මශීලා මෙහෙණින් වහන්සේ, පෙ.ව. 11.00 දහවල් සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 සාමුහික පිරිත් දේශනය (ධම්මචක්ක සූත්‍රය) 2.00 ධර්ම සාකච්ඡාව, අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා කෝලිත හෙට්ටිගේ මහතා, 3.30 ධර්ම දේශනාව කළුබෝපල පදුම හිමි, 4.30 භාවනාව කෝලිය හෙට්ටිගේ මහතා, 5.00 බෝධි පූජාව බණ්ඩාරගම සුනිත රතන හිමි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, අලුයම 6.30- 7.30 දක්වා උපෝසථ අෂ්ටාංග සීලය, මෛත්‍රී භාවනාව ධර්මායතනාධිපති නා හිමියන්, පෙරවරු 8.30 – 9.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 9.15 – 10.00 කාව්‍යමය ධර්ම දේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩිහාමුදුරුවන් 10.00 – 11.00 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා 11.00 – 11.15 දහවල සම්බුද්ධ පූජාව ධර්මායතනාධිපති නා හිමි, පස්වරු 12.30 – 1.30 ගිහි දේශනය ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 1.30 – 2.00 සක්මන් භාවනාව 2.00 – 3.00 ගිහි දේශනය ආසිරි රාජපක්‍ෂ මහා, 3.00 – 4.00 ධර්ම දේශනාව කථිකාචාර්ය දම්පහළ රාහුල හිමි, 4.00 – 5.00 මහපිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව, 5.00 ට සිල්පවාරණය දම්පහළ ඤාණසුධීර හිමි, 6.30 ට නෙළුම් මල් සහිත සම්බුද්ධ බෝධි පූජාව ධර්මායතනාධිපති නා හිමි.


තලවතුගොඩ ශ්‍රී ඤාණාරාමය

පෙරවරු 5.30 – 6.30 කිරිපිඬු පූජාව, ශීල සමාදානය, අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 8.30 භාවනා වැඩසටහන 8.30 – 9.30 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, 9.30 – 10.30 දරණාගම කුසලධම්ම නාහිමි 10.30 – 11.00 දෙතිස්ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව 1.00 – 2.00 ධර්මදේශනාව ගම්පහ පාසාදික හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව පිටිපන ශාසන රතන හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මකුලෑවේ සුදස්සන හිමි, 5.00 කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය. ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමය

පෙරවරු 6.15 – 7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 7.00 – 7.30 උදෑසන බුද්ධ පූජාව, 8.15 – 8.30 ධර්ම පුස්තක බෙදාදීම, 8.30 – 9.30 ධර්මානුශාසනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 09.30 – 10.45 භාවනාව මාතර සමිතධම්ම හිමි, පස්වරු 12.30 – 1.00 සෙත් පිරිත් දේශනාව මිල්ලැත්තෑවේ මේධානන්ද හිමි, බංගලිදේශයේ ධම්මසාර හිමි, තිස්සමහාරාමයේ ධම්මසුවණ්ණ හිමි, මාරස්සන ධම්මජීව හිමි, 1.00 – 1.30 දහම් පද විවරණය (ධම්ම පදය ඇසුරෙන්) 1.30 – 3.00 විශේෂ ගිහි දේශනය කැළුම් සෞම්‍යසිරි මහතා 3.00 – 3.30 විවේකය, 3.30 – 5.00 විශේෂ පොසොන් ධර්ම දේශනය ශාස්ත්‍රපති නත්තරම්පොත චන්දිම හිමි. 5.00 – 5.30 ගිලන්පස පූජාව සිල් පවාරණය, සවස 6.00 විශේෂ බෝධි පූජාව.


පන්නල ශ්‍රී දේවරාජාරාමය

පොසොන් පොහොය නිමිතිකරගෙන පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානයේ දී මෙම ( 12 ) දා පොහෝදින දවසපුරා දාන සීල භාවනා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. විහාරාධිකාරී මොරගොල්ලේ විජිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත. සවස 7.00 ට අටවිසි බෝධි පූජා පින්කමක් ද පැවැත්වේ.


නාවල

නාවල දිවයන්නා පුරාණ විහාරයේ දී පොසොන් පොහෝ දා දවස පුරාම පින්කම් සිදු කෙරේ.


මීරිගම දන්සැල

මීරිගම මිහිඳු දන්සැල් කමිටුව 52 වරටත් මෙම ජූනි මස 11, 12, 13 දිනවල මිහින්තලේ මැද මලුවේ දී පැවැත්වේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පොසොන් පෝදා පින්කම් පැවැත්වේ. මෙම වැඩසටහන පල්ලාවෙල සාසනරතන, දෙහිගස්පේ සිරි විමල, ගම්මැදගම චන්ද්‍රජෝති, ජුලම්පිටියේ සෝමින්ද, ජුලම්පිටියේ සුසීත, බෙත්ගමුවේ ඉන්ද්‍රරතන කුරුණෑගල සාරානන්ද යන හිමිවරු පින්කම මෙහෙයවති. නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන් දෙසුම පවත්වන අතර බුදුසරණ පත්‍රය බෙදා දීම භාණ්ඩාගාරික කේ.ජී. ධර්මසිරි මහත්මා විසින් සිදු කරනු ලැබේ.


මාතර වල්පල සිරිමංගල පිරිවෙන් විහාරය

වලස්ගල පුන්‍යජි මයුරවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි වලස්ගල පඤ්ඤාසිරි, කැලණියේ අජිත, බලංගොඩ ශාන්ත, කුඩාගොඩ ඤාණවංශ, තණමල්විල මුදිත, සෙවණගල, ධම්මික, හිනිදුම, අස්සජි, හොරපාවිට ධම්මිස්සර බටුවිට නන්දවංශ බුත්තල බෝධිසීහ යන හිමිවරු පෝදා පින්කම මෙහෙයවති.


බියගම පුණ්‍යවර්ධනාරාමය

පොසොන් පොහොය නිමිති කරගෙන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදී වැඩසටහන් රැසක් දවස පුරාම බියගම පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ දී දහම්පාසල් දරු දැරියන් සහ ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.