Print this Article


මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් බුදුුසරණ පුවත්පත මෙහෙය වූ උතුරුමැද පළාතේ පාසල් සිසු දරුවන්ගේ කථික තරඟයෙන්...

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් බුදුුසරණ පුවත්පත මෙහෙය වූ උතුරුමැද පළාතේ පාසල් සිසු දරුවන්ගේ කථික තරඟයෙන්...

අනුග්‍රහය ජාතික ඉතිරිකිරීමේ බැංකුව


ජ්‍යෙෂ්ඨ අංශය


කණිෂ්ඨ අංගය


විනිශ්චය මණ්ඩලයට සහභාගි වූ ගුරුභවතුන් සහ ලේක්හවුස් ආයතනයේ අලෙවි හා ශාඛා කාර්යාල ප්‍රධානී සුනිල් සෙන්දනායක මහතාද මෙහි වෙති.


ජයග්‍රහණය ලැබූ දරු දැරියන්
සේයාරූ- අමිල ප්‍රභාත් වනසිංහ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 52 වරටත් පැවැත්වීම නිමිත්තෙන් මෙවරද ‘බුදුසරණ” පුවත්පත වාර්ෂිකව සංවිධානය කළ උතුරු මැද පළාතේ පාසල් සිසු දරුවන් අතර මිහින්තලා මහා විද්‍යාලයේදී ඉකුත් 31 වැනිදා කථික තරගය පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ එල්. එච්. පී. සුමින්ද විජේරත්න ශිෂ්‍යයා හිමිකර ගන්නා ලදී.

දෙවන ස්ථානය අනුරාධපුර දීපානි මහා විද්‍යාලයේ තිළිණි ධනුෂ්කා යාපා බණ්ඩාර, තෙවන ස්ථානය අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ එම්.ඒ.එල් දේදුනු මධුවන්ති කුමාරි, සිව්වන ස්ථානය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඩබ්ලිව්. තරංගා දිල්රුක්ෂි ප්‍රනාන්දු, පස්වන ස්ථානය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කේ. නෙත්මි චාන්යා පීරිස්, හයවන ස්ථානය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ඒ. ඩබ්ලිව් නිමේෂා මධුවන්ති රුද්‍රිගු, හත්වන ස්ථානය අනුරාධපුර නිවත්තිකචේතිය මහා විද්‍යාලයේ පවිත්‍රානි මධුෂා දිසානායක, අටවන ස්ථානය කෑදෑව කීනගම ශ්‍රී ආනන්ද දහම් පාසලේ හෂාන් ක්‍රිෂාන්ත ආරියදාස, නවනව ස්ථානය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ නිමේෂා පුෂ්පමාලි සේනාරත්න සහ දහවන ස්ථානය අනුරාධපුර නිවත්තකචේතීය මහා විද්‍යාලයේ ආර්. එම්. එස්. කාවින්ද්‍යා හේමචන්ද්‍ර සිසු දරුවන් හිමිකර ගන්නා ලදී.එම කථික තරගයේ ජයග්‍රාහකයන් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මෙවරත් පිළිවෙලින් රුපියල් 10000, 7500, 5000 1, 2, 3 ස්ථාන සඳහාද සිව්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 1000 බැගින් මුදල් තිළිණයක් සහ වටිනා සහතික පත්‍රයක්ද හිමිවේ.

ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පිරිනමන පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානයද ප්‍රථම ස්ථානයට හිමිවේ. ජුනි 13 වැනිදා මිහින්තලා පුදබිමේදී ත්‍යාග හා සහතික ප්‍රදානය කැරේ.

කණිෂ්ඨ අංශය පළමු ස්ථානය අනුරාධපුර මධ්‍ය විදුහලේ එස්.ඩබ්. පී. යසස්මිණි එරන්දිකා ශිෂ්‍යාව හිමිකර ගන්නා ලදී. දෙවැනි ස්ථානය අනුරාධපුර මධ්‍ය විදුහලේ එස්. එම්. එස්. සචිකා සෙනෙවිරත්න, තෙවන ස්ථානය අනුරාධපුර මධ්‍ය විදුහලේ ආර්. එම්. ඩබ්. එච්. රාජකරුණා, සිවුවැනි ස්ථානය අනුරාධපුර බාලිකා මහ විදුහලේ ආර්. එම්. ශෂිකා එරන්දතී රත්නායකද, පස්වන ස්ථානය මැදවච්චිය මධ්‍ය මහ විදුහලේ ඊ. එම්.එම්. සමිත සඳරුවන් දුෂාන්තද, සයවන ස්ථානය අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ කේ. එම්. සෙව්මිණි රත්සරණී ද, හත්වන ස්ථානය කුරුන්දන්කුලම සාමබෝධි විහාරය මිහිඳු දහම් පාසලේ ආර්. ඩබ්. එම් ඉමාෂා ප්‍රමුදි රත්නායකද, අටවන ස්ථානය අනුරාධපුර සිරි මිහිඳු දහම් පාසලේ බී.එම්. ලෝචන මිනුවන්සලද, නමවැනි ස්ථානය අනුරාධපුර මධ්‍ය විදුහලේ එච්. භාෂිණී රශ්මිකා ද, දසවන ස්ථානය අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහලේ ටී.ටී. තිලකරත්න සිසු දරුවන් හිමිකර ගන්නා ලදී.එම කථික තරගයේ ජයග්‍රාහකයන් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මෙවරත් පිළිවෙලින් රුපියල් 10000, 7500, 5000 1, 2, 3 ස්ථාන සඳහාද සිව්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 1000 බැගින් මුදල් තිළිණයක් සහ වටිනා සහතික පත්‍රයක්ද හිමිවේ.

ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් ඩී.ආර්.විජයවර්ධන අනුස්මරණ සම්මානයද ප්‍රථම ස්ථානයට හිමිවේ. ජුනි 13 වැනිදා මිහින්තලා පුදබිමේදී ත්‍යාග හා සහතික ප්‍රදානය කැරේ.


බුදුසරණ දීපව්‍යාප්ත රචනා තරගයේ පළමු තැනට මොරොන්තුඩුව ධම්මානන්ද මහා විද්‍යාලයේ යු.එන්. සඳරුවනි නදීෂා

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පත මෙහෙයවීමෙන් මෙවර පැවැති දීපව්‍යාප්ත රචනා තරගයෙන් ප්‍රථම ස්ථානය මොරොන්තුඩුව ක/ධම්මානන්ද මහා විද්‍යාලයේ යු.එන්. සඳරුවනී නදීෂා ශිෂ්‍යාව හිමි කර ගෙන ඇත.

රචනා තරගයේ ජයග්‍රාහකයන් වෙත ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මුදල් තිළිණපත් පිරිනැමෙන අතර ලේක්හවුස් ආයතනය මඟින් වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමේ. ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් බුදුසරණ සම්මානය ප්‍රථම ස්ථානය සඳහා පිරිනමනු ලැබේ.

රචනා තරගයේ දෙවනස්ථානය කුරුණෑගල තෝරයාය, හැඟව ශ්‍රී ආනන්ද දහම් පාසලේ අශානි ශාලිකා විජේරත්න, තෙවන ස්ථානය මීගහකිවුල ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ වයි.එම්. අශාරා හසරංගි බවන්තිකා යාපා, සිව්වන ස්ථානය, කුරුණෑගල කිදමගොල්ල ශ්‍රී සුමංගල දහම් පාසලේ එන්.එම්. පවිත්‍රා ලක්‍ෂාණි තිලකරත්න, පස්වන ස්ථානය ගාල්ල මැදකීඹිය කීඹිය ගාමිණී මහා විද්‍යාලයේ ඩබ්ලිව්.ආර්. තිළිණි සකුන්තලා දැරණියගල හයවන ස්ථානය හලාවත ආනන්ද ජාතික පාසලේ ආර්. සුපුන් ශ්‍යාමන් පි‍්‍රයදර්ශන, හත්වන ස්ථානය කොළඹ 05 ඉසිපතන විද්‍යාලයේ එස්.කවීශ නිමාංග සිල්වා අටවන ස්ථානය රත්නපුර මුවගම සුමනා බාලිකා විද්‍යාලයේ චරකනී නිසංසලා, ගන්කන්ද, නවවන ස්ථානය අම්බලන්තොට ලුණම නෝනගම වැලිපටන්විල මහා විද්‍යාලයේ බී.ජයනි ඉසුරිකා දහවන ස්ථානය, පානදුර කොරකපොළ සිරිනන්දන රිවිදින දහම් පාසලේ තිළිණි හංසිකා කුමාරි ඉලංගසිංහ හිමි කරගෙන ඇත.

පළමු, දෙවන, තෙවන, ස්ථාන සඳහා රුපියල් 10000, 7500, 5000 සහ සිව්වන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 1000 බැගින් තිළිණපත් හිමි වේ.