UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක 2014.ජූනි 05 වනදා බ්‍රහස්පතින්දා

මිහින්තලා පුදබිම වන්දනාවට එක්වෙමු

පොසොන් පුර අටවක පොහොය දිනය අදයි. පොසොන් පුර පසළොස්වක උදාවත්ම හෙළ බොදු මහජනතාවගේ සිහියට නැගෙනුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ලංකාගමනයයි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඓතිහාසික මිහින්තලාවට වැඩම කර 2321 වසරක් ගත වුවද ඒ සා දිගු කලක් මුළුල්ලෙහි මෙරට ජනතාව අනුබුදු හිමියන් අනුස්මරණය කරමින් ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්හි යෙදමින් තම තමන්ගේ ආධ්‍යාත්මික සුවය ළඟා කර ගනිමින් උපහාර පූජාවෙහිද නිරත වේ.

සම්බුද්ධ ධර්ම දායාදය මෙරටට ගෙනවුත් සිරිලක සම්බුදු සසුන පිහිටුවා අනුබුදු හිමියන් මෙරට විශිෂ්ටතම ශිෂ්ටාචාරයකට පදනම යොදන ලදී.

මෙරට ජනතාවගේ ලෞකික, ලෝකෝත්තර හැම දියුණුවකටම මුල් වූයේ බුදුසමය ය.

අවුරුදු පතා ලක්ෂ ගණන් සැදැහැවත් ජනතාව ඓතිහාසික මිහින්තලා පුදබිම වන්දනා කිරීමට පැමිණ අනුබුදු හිමියන්ගේ ශ්‍රී නාමයට බැති කුසුම් පුදන්නට අමතක නොකරති.

මිහින්තලා රාජමහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව් අධීක්‍ෂණයෙන් මිහින්තලා පුදබිමේ නව සංවර්ධන කටයුතු රැසක් රාජ්‍ය අනුගහයෙන් සිදු කර ඇත. වෙසෙසින් වත්මන් ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු කරවා එම නව සංවර්ධන කටයුතු සිදු කිරීම නිසාම මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණෙන සැදැහැති වන්දානාකරුවන් සඳහා පහසුකම් රැසක් මේ වන විටත් ලබාදීමට ක්‍රියා කර ඇති අයුරු පැසසුම් සහගතය. නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්තුමා ඊට දක්වා ඇත්තේ මහඟු දායකත්වයකි.

ඓතිහාසික මිහින්තලා පුදබිම මෙරට පත්තර මහ ගෙදර වන ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පනස් දෙවන වරටත් මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පවත්වනු ලැබේ. ඊට ලංකා විදුලි බල මණ්ඩලය සම අනුග්‍රහය දක්වයි. අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වය ද අගය කළ යුතුය.

මිහින්තලා පුදබිමේ පැවැත්වෙන සති පිරිත් දේශනාව මේ දිනවල පැවැත්වේ. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මුදල් තිළිණ පිරිනැමෙන උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් සිසු දරුවන් උදෙසා බුදුසරණ මෙහෙයවූ වාර්ෂික කථික තරගය සහ දීප ව්‍යාප්ත රචනා තරගයද මෙවරත් පැවැත්විණි.

සතර පොහොයට නිකුත්වන මෙරට ගෞරවයට පාත්‍රව තිබෙන බුදුසරණ පුවත්පත මෙම පොසොන් පෝදා හතළිස් නව වන වසරට පා තබයි.

ඓතිහාසික මිහින්තලා පුදබිමේදී ‘බුදුසරණ’ පුවත්පත දොරට වැඩමවා මිහින්තලා කන්දෙන් පැන නැගි සදහම් අමා ගඟ මෙරට දස දිසාව වෙත ගලා ගිය අයුරෙන් ම ‘බුදුසරණ’ ගෙවී ගිය හතළිස් අට වසරක් පුරා මෙරට බොදු පාඨකයන්ගේ දහම් පිපාසය සංසිඳවන්නට කර ඇති මෙහෙවරට ගිහි පැවිදි උභය සමාජයෙන්ම කිත් පැසසුම් නිරතුරුව හිමිවේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවරද තෙදිනක් පුරා පැවැත්වෙන අතර පොසොන් පෝදා අතිගරු ජනාධිපති තුමන් අතින් මිහින්තලා ආලෝක පූජාව විවෘත කැරේ.

එම තෙදින පුරා ශ්‍රී සර්වඥ ධාතු වන්දනා අනුබුදුහිමි ධාතු වන්දනා ඇතුළත් මිහිඳු පෙරහරද අත්‍යාලංකාරයෙන් පැවැත්වේ.

පොසොන් පොහොය දිනය දා ඓතිහාසික මිහින්තලා පුදබිමේ ආශිර්වාදය ලබා ගැනීමට මිහින්තලාවට පැමිණි අනුබුදු මිහිඳු මාහිමියන් ගේ ශ්‍රී නාමය වෙත උපහාර පුදන්නට වෙසෙසින් බෞද්ධයන් අමතක කළ යුතු නොවේ.

මිහින්තලා පුද බිම දැක බලා ගනිමින් වන්දනා කිරීමට පොසොන් සමයේ මිහින්තලා පුදබිමට එක්වෙමු.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]