Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 11, 12, 13 තෙදින මිහින්තලා පුද බිමේදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 11, 12, 13 තෙදින මිහින්තලා පුද බිමේදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ජුනි මස 11, 12, 13 දිනවලදී මිහින්තලා පුදබිමේදී අත්‍යාලංකාරයෙන් පැවැත්වේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පොසොන් පෝදා විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ.

ජුනි 2 වනදා ඇරැඹුණු සති පිරිත් දේශනාව මේ දිනවල මිහින්තලා පුදබිමේදී පැවැත්වෙන අතර, එම සති පිරිත් දේශනාවේ දොරකඩ අස්න අනුශාසනාව මෙම 8 වැනිදා පැවැත්වේ.

අනුබුදු මිහිඳු පෙරහර මේ මස 11 වනදා අත්‍යාලංකාරයෙන් පැවැත්වෙන අතර 11, 12, 13 දිනවලදී ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය සහ අනුබුදු මිහිඳු මාහිමි ධාතු වන්දනාවද පැවැත්වේ.

මිහින්තලා පුදබිම වන්දනාවට මෙවර ලක්ෂ 20කට අධික පිරිසක් මිහින්තලා පුදබිමට පැමිණෙතැයි අපේක්ෂා කරන බව මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගණුවැවේ ධම්මරතන හිමියෝ ‘බුදුසරණට’ පැවැසූහ.

මිහින්තලා ආලෝක පූජා මහෝත්සවය අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වයෙනි.