Print this Article


මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් උතුරුමැද පළාතේ බුදුසරණ කථික තරගය 31දා

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් උතුරුමැද පළාතේ බුදුසරණ කථික තරගය 31දා

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයවීමෙන් වාර්ෂිකව පැවැත්වෙන කථික තරග මෙම මැයි මස 31 වනදා පෙරවරු 9 ට මිහින්තලා මහා විද්‍යාලයේදී ආරම්භ කෙරේ.

බුදුසරණ පුවත්පතේ් සංවිධායකත්වයෙන් දීප ව්‍යාප්ත රචනා තරගය සහ උතුරු මැද පළාතේ පාසල් හා දහම්පාසල් සිසුන් සඳහා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දෙ අංශයෙන් පැවැත්වෙන එම කථික තරගයේ ජයග්‍රාහකයන් සඳහා ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් මුදලින් තිළිණපත් පිරිනැමීම මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවයේ දී පැවැත්වේ.

අදාළ කථික තරගයට සහභාගිවන තරගකරුවන් මෙම 31 වනදා පෙරවරු 9 ට පමණ මිහින්තලා මහා විද්‍යාලයට පැමිණෙන මෙන්ද තරග සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

එම කථික තරගය ලේක්හවුස් ආයතනයේ අලෙවි හා ශාඛා අංශය මෙවර මෙහෙයව යි. කථික තරගයට අදාළ විස්තර වෙතොත් දුරකතන අංක 0777515680 අමතන මෙන්ද දන්වා සිටිමු.