UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ලක්විරු සෙවන, කොළඹ ධර්මායතනය සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන දියවන්නා වෙසක් මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර, එහිදී විදුලි ආලෝකය විවෘත කළ අයුරු. ඇල්ලේ ගුණවංශ හිමි, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙහි වෙති.
ජායාරූප - සුදත් සිල්වා


සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය සංවිධානය කළ ‘බුද්ධාභිවන්දනා’ බැති ගී සරණිය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ දී පසුගිය 13 වැනිදා පැවැති අතර එම ගී ඉදිරිපත් කරන අයුරු සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිතයින් එය නරඹන අයුරු. ඇමැතිවරුන් වන ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන මනූෂ නානායක්කාර, එම්. එච්.එම්. අෂ්වර්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූප - චන්දන පෙරේරා

ප්‍රාචීන ප්‍රාරම්භක විභාගය සමත් හිමිවරුන්ට මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගුවන් ටිකට්පත් පිරිනැමීම සිදුකැරිණි. එහිදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හිමිනමකට ගුවන් ටිකට්පත් පිරිනැමූ අයුරු. මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමියන්, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහත්වරුද සහභාගි විය.

 
 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 21වැනි දා බදාදා පූර්ව භාග 07.37 ට ලබයි.
22වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.29වැනිදා දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 21වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි 28වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]