Print this Article


දහමේ හැසිරෙමින් දිවි නැගුම ප්‍රජා මූල බැංකු ජාලය ආ ගමන් මඟ

දහමේ හැසිරෙමින් දිවි නැගුම ප්‍රජා මූල බැංකු ජාලය ආ ගමන් මඟ

 

ආර්ථික සංවර්ධන ගරු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්‍ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම මත සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිවි නැගුම ප්‍රජා මූල බැංකු ජාලයේ අනුග්‍රහයෙන් නව වන වරටත් බුදුසරණ පුවත්පතේ පිටපත් මෙම වෙසක් පුන් පොහෝ දින දී දිවිනැගුම ප්‍රජා මූල බැංකු කලාපයන්හි විහාරස්ථානවල සහ පොළොන්නරුවේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයේදී ධර්ම දානයක් ලෙස නොමිලයේ බෙදා හැරීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇත.

සීලයෙන් සුවඳවත් වූ ප්‍රඥාවෙන් ඔපවත් වූ සාරධර්ම සපිරි සමාජයක් ගොඩනැගීමේ මෙම උදාර කර්තව්‍යයට උර දෙමින් පළමුව පුද්ගලයා සංවර්ධනය කර එමගින් පවුල සංවර්ධනය කර ගම ගොඩනගා රට ගොඩනැංවීමේ ‘මහින්ද චින්තන’ උදාර සංකල්පය සාක්ෂාත් කිරීමට මෙවරද මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

2006 වසරේ සිට සෑම වෙසක් පුන් පොහෝ දිනකම බුදුසරණ පිටපත් ලක්‍ෂ තුන බැගින් ධර්ම දානයක් ලෙස නොමිලයේ අප විසින් බෙදා හැර ඇති අතර මෙවරද මෙම පුණ්‍යකර්මය ඉටුවෙන තුරු ඔබ බලා සිටින බව අපි දනිමු. එම උදාර අපේක්ෂාව ඉටු කරමින් අප මෙතෙක් ආ ගමන් මග සියලු දෙනාගේ බුද්ධාලම්බන පී‍්‍රතිය පිණිස මෙලෙස සටහන් තබමු.

 

මහියංගන රජමහා විහාරය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස

මහනුවර

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් විවෘත කළ දා

මාතර වෙහෙරහේන රජ මහා විහාරය

මහනුවර ඓතිහාසික දළදා මැදුර අබියස

බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානය

කලාප අංක 01 හි පිරිත් පිංකම

බුත්තල

මහනුවර