Print this Article


ධර්ම දානයට බුදුසරණ

ධර්ම දානයට බුදුසරණ

කිරිඇල්ල ශ්‍රී කුසලවර්ධනාරාමය - - - -

මෙවර වෙසක් පුන් පොහෝ දින කිරිඇල්ල ශ්‍රී කුසලවර්ධනාරාම සීල භාවනාවට සහභාගී වන සියලු දෙනාට බුදුසරණ පුවත්පත නොමිලේ බෙදාදීමට කටයුතු යොදා ඇත. අලුකැටියවත්ත ශ්‍රී මෙත්සරණ කාන්තාසමිතියේ ප්‍රධාන අනුශාසිකා ඊෂ්වරාචාරිගේ මේරිනෝනා මෑණියන්ටත්, සම්පෝඋපාසිකා මාතාවටත් පින් පිණිසත් කිරිඇල්ල ‘බුදුවිරු’ ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවේ ප්‍රධාන අනුශාසක රංජිත් පියදාස මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු කරනු ලැබේ.

ගාල්ල – බඹරවාන - - - -

ගාල්ල, බඹරවාන දෙක කණුව පදිංචි සමරසිංහ ලියනගමගේ යන අය 23 වැනි වරටත් වෙසක් පොහොය දින බුදුසරණ පුවත්පත බෙදාදීමට කටයුතු යොදා ඇත. තම සහෝදරිය වන චන්ද්‍රාවතී ලියනගමගේ මෙනවියට පින් පිණිස හා නැසීගිය දෙපාර්ශයේ නෑදෑ හිතවතුන්ට පින් දීම සඳහායි.

පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානය - - -

වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පිළියන්දල නිව් සිටි ස්ටෝර්ස් අධිපතිව විසූ පරලොව සැපත් ගුණපාල පෙරේරා මහතාට පින් පිණිස එම භාර්යාව සහ දූ දරුවන් විසින් බුදුසරණ පුවත් පත් දහසක් ධර්ම දානය පිණිස පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානයේ සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සහ පැමිණෙන සියලු සැදැහැවතුනට බෙදා දීමට කටයුතු යොදා ඇත.

රාගම ගල්උඩුපිට චන්ද්‍රාරාම විහාරය - - - -

රාගම ගල්උඩුපිට චන්ද්‍රාරාම විහාරයේ විහාරාධිපතිගේ අනුශාසනා පරිදි ධර්ම දානය සඳහා බුදුසරණ පුවත්පත බෙදාදීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා ඩී.පී. දිසානායක, සයිමන් ගුණසේකර, ඇලිස්නෝනා ගුණසේකර, විල්ෆඩ් ගුණසේකර, ජෝශප් වනසිංහ, ඩබ්.ඩී. නන්දාවතී, ඒ.ඩී. ජයසේන, පුංචි නෝනා රණවීර, පද්මා අමරසිංහ, තමරා සේනානායක, සුජිත් පි‍්‍රයන්ත පෙරේරා, ලුවිස් පෙරේරා, ගාමිණිද සිල්වා, අනිල් රූපසිංහ යන අය දායකත්වය දරයි.

ඇල්පිටිය - - - -

බුදුසරණ පත්‍ර 500ක් හා දිනමිණ වෙසක් කලාප බෙදාදීමක් මෙවර ඇල්පිටිය ඉඹුලපිටිය සමූහව්‍යාපාරයේ අධිපති ජිනසේන හොරවලවිතාන මහතා ඇතුළු දූ දරුවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි. තම මිය ගිය දෙමාපියන් හා ඥාතීන්ට පින් පතා පුරා වසර 26ක් කරගෙන යනු ලබන බුදුසරණ පත්‍ර බෙදාදීම හා වෙසක් කලාප ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානයන්වල උවැසි උවැසියන් හට බෙදාදීම මෙදින සිදු කරනු ලබයි.

කුරුඳුගහහැතැප්ම බුද්ධගයා මහ විහාරය - - - -

කුරුඳුගහ හැතැප්ම ශ්‍රී සිද්ධාර්ථ බුද්ධගයා මහා විහාරයේ පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන් සඳහා වෙසක් පොහෝ දින ‘බුදුසරණ’ පුවත්පත් ධර්ම දානය වශයෙන් බෙදාදීමට කටයුතු යොදා ඇත. කුරුඳුගහහැතැප්ම සෝමදාස නානායක්කාර මහතා විසින් පරලෝසැපත් මව්පියන් වන එන්.ඩබ්.ජී. පියසේන මහතා සහ එම්.එම්. විතානාච්චි මහත්මියට පින් පිණිස දහසය වන වරටත් එම පින්කම සිදු කරයි.