Print this Article


ඌව අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය

ඌව අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය

ඌව අමරපුර නිකායේ අතිගරු මහානායක ශ්‍රී සද්ධර්ම භාරතීශ්වර අමිතසාර මීරියබැද්දේ උපනන්ද මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම 2014 වසරේ උපසම්පදා විනය කර්මය 2014.06.26 වන දින බදුල්ල හිඳගොඩ මහාතපෝධනාරාම උපෝසථ සීමා මාලකයේ දී සිදුකෙරේ.

උපසම්පදාපේක්ෂක සාමණේර ස්වාමින්වහන්සේලාගේ ප්‍රමුඛතා විනය පරීක්ෂණය 2014.06.15 දිනදීත්, පරීක්ෂණයට අදාළ, දේශනා 2014.06.14 දිනදීත් බදුල්ල මයිලගස්තැන්න ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී සිරිත් පරිදි පැවැත්වීමට නියමිතය.

උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා විසින් සම්පූර්ණ කරන ලද අයඳුම්පත් 2014.06.12 දින වනවිට ඌව අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති වතුපිටියේ ඤාණානන්ද ස්වාමින්වහන්සේට භාරදිය යුතුයි.