Print this Article


සංකල්ප විහාරයේ වෙසක් සතිය පුරා පින්කම්

සංකල්ප විහාරයේ වෙසක් සතිය පුරා පින්කම්

පිළියන්දල මාකන්දන වැලිතොටුවවත්ත ශ්‍රී සංකල්ප මහා විහාරස්ථානයේ මේ මස 14 වනදිනට යෙදෙන වෙසක් පොහොයට ප්‍රතිපත්ති පූජා ඇතුළත් පින්කම් මාලාවක් පැවැත්වේ.

වෙසක් පෝදා පෙරවරු 5 ට කිරි ආහාර බුද්ධ පූජාව ද, 6 ට සීල භාවනාව ආරම්භ වේ. කිරීම පේමරතන, දූවේ ඉන්ද්‍රසිරි තපෝවනයේ අරියධජ, කැස්බෑවේ පඤ්ඤානන්ද, මල්ගොන අතුල, දැල්තර ඤාණසිරි, පිළියන්දල සරණ, යන හිමිවරුන් ධර්ම දේශනා පවත්වති.මේ දින දහවල ව්‍යංඤජන 32 කින් සමන්විත රාජභෝජන බුද්ධ පූජාව හා සවස 6 ට චතුමධුර පූජාව වෙසක් සතිය පුරා පැවැත්වේ. වෙසක් මහා බත් දන්සල 17, 18, 19 සවස 6ට පැවැත්වේ.

චුල්ල ධර්මපාල ජාතකය විදහාපාන අඩි 50 ක් උසැති වෙසක් තොරණ වෙසක් සතිය පුරා ද එම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කරයි. විහාරාධිපති උග්ගොඩ ධම්මන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි එමම පින්කම් සංවිධානය කරයි.