Print this Article


රාජ්‍ය වෙසක් උත්සවයේ දී බුදුපුත් මව්පියන්ට නිවාස ප්‍රදානය කිරීමක්

රාජ්‍ය වෙසක් උත්සවයේ දී බුදුපුත් මව්පියන්ට නිවාස ප්‍රදානය කිරීමක්

වෙසක් පසළොස්වක පෝදිනය තේමාකරගෙන මැයි 15 වන දින පොළොන්නරුවේ දී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයේ දී බුදුපුත් මව්පියන්ට නිවාස 08ක් ප්‍රදානය කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය කටයුතු සංවිධානය කර ඇත.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල අටම නියෝජනය වන පරිදි එක් මණ්ඩලයකින් එක් විහාරස්ථානයක පැවිදි වී ඇති ස්වාමීන් වහන්සේ බැගින් තෝරාගෙන ස්වාමීන් වහන්සේලා 8 නමකගේ දෙමාපියන් උදෙසා මෙම නිවාස ප්‍රදානය කෙරේ.