Print this Article


ශ්‍රී කවිධජ භාවනා මූලස්ථානයේ වෙසක් ධර්ම දේශනා මාලාවක්

ශ්‍රී කවිධජ භාවනා මූලස්ථානයේ වෙසක් ධර්ම දේශනා මාලාවක්

විහාරාධිපති හෝමාගම කොණ්ඩඤ්ඤ හිමියන්ගේ අනුශාසනා පරිදි අලුත්වැවේ හේමාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී කවිධජ භාවනා මූලස්ථ සිරිසේන ධර්ම මන්දිරයෙහි මේ මස 09 වැනිදා සිට 14 වැනිදා දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

සෑම දිනකම රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ධර්ම දේශනා පැවැත්වෙන අතර, 09 වැනිදා වතුරවිල සිරි සුජාත හිමියන්, 10 වැනිදා ලේල්වල තපස්සී හිමියන්, 11 වැනිදා මිරිස්වත්තේ විමලඤාන හිමියන්, 12 වැනිදා කරම්බන්කුලමේ සිරිධම්ම හිමියන්, හා 13 වැනිදා මාවරලේ භද්දිය හිමියන් විසින් ධර්ම දේශනා පවත්වනු ලැබේ.