Print this Article


දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු පදවි

දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු පදවි

ශ්‍රී ලාංකීය සිසු දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව ස්වෙච්ඡාවෙන් සිය කාලය හා ශ්‍රමය කැප කරන දහම් පාසල් ගුරු භවතුන්ට උපහාරයක් වශයෙන් සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමට රජය කටයුතු යොදා ඇත. වසර 30 කට වැඩි කාලයක් ඉගැන්වීමේ කටයුතුවල නියැළුණු ගුරුවරු මේ සඳහා තෝරා ගැනෙති. මේ සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කරයි. ‍ෙමම සාමදාන විනාශ්චයකාර පදිවි ලබාදීම දිස්ත්‍රික් මට්ටමින් සිදුකිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහම් පාසල් ගුරුවරුන් 130 දෙනෙකුට සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමට නියමිත ය. එම උත්සවය පසුගිය 29 වැනිදා පස්වරුවේදී කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්වුණි.

කැලණිය විශ්ව විද්‍යලායේ කුලපති වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ උත්සවය සංවිධානය කෙරුණි. වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඒ.ඩී. එස්. ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, චන්ද්‍රපේම ගමගේ, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. පී. හිටිනායක මහත්වරුන් හා රාජ්‍ය නිලධරීන් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබුණි.