Print this Article


ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පින්කම්

ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පින්කම්

අකුරැස්ස මලිදුව, කොහුගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ූ දෙනගම පඤ්ඤාසාර හිමියන් 2001 වර්ෂයේ කොහුගොඩ විහාරස්ථානයට පැමිණ භික්‍ෂූන් වහන්සේලාට වැඩසිටීම සඳහා සංඝාවාසයක් ඉදිකරවීමෙන් පසුව සැදැහැවත් බෞද්ධ පින්වතුන්ට වැඳුම් පිදුම් සිදු කිරීම සඳහා දෙමහල් බුද්ධ මන්දිරයක් ඉදිකරමින් පවතී. මැයි 01 වැනිදා ආශිර්වාද බෝධිපූජා පින්කම හා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක්ද පැවැත්වේ. මැයි 02 වැනිදා ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවහන්සේට මුල්ගල් තැබීම හා කුලදරුවන් දෙදෙනෙකු සසුන් ගත කිරීමට නියමිත බව එම විහාරයේ දායක සභාව දන්වා සිටියි.